mediahumanrights.lk
LIFE LIFE NEWS News

අක්මාවට හොඳ කෝපි

කෝපි පානය කිරීමෙන් අක්මා පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරගත හැකි බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.
දිනකට කෝපි කෝප්පයක් පානය කිරීමෙන් අක්මා පිළිකා රෝගී තත්ත්වයේ පොදු රෝගී තත්ත්වය ඇතිවීමේ අවදානම සියයට 20කින් අඩු කරගත හැකි බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ.
දිනකට කෝපි කෝප්ප දෙකක් පානය කිරීමෙන් අක්මා අක්මා පිළිකා ඇතිවීමේ අවදානම සියයට 35කින් ද දිනකට කෝපි කෝප්ප පහක් පානය කිරීමෙන් අක්මා පිළිකා ඇතිවීමේ අවදානම සියයට 50කින් අඩුවන බව මෙම නව අධ්‍යයනයෙන් අනාවරණය කරගැනීමට පර්යේෂකයෝ සමත්ව සිටිති. කැෆේන් ඉවත් කළ කෝපි පානය කිරීමෙන් ද පලදායී ප්‍රතිඵල අත්පත් කරගත හැකි බව පර්යේෂකයෝ පවසති.
සවුත්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ඔලිවර් කෙනෙඩි ඇතුළු පර්යේෂකයෝ පිරිසක් මෙම අධ්‍යයනයේ නිරත වී ඇත. කෝපි පානය කිරීමෙන් බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ අත්පත් කරගත හැකි බව මීට පෙර කරන ලද පර්යේෂණවලින් අනාවරණය වී තිබූ නමුත් අක්මා පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරගත හැකි බව අනාවරණය වූයේ ප්‍රථම වරටය. මෙම අධ්‍යයනයට බි්‍රතාන්‍යයේ එඩින්බර්ග් විශ්ව විද්‍යාලයේ පිරිසක් ද එක්ව ඇති අතර ලොව පුරා මිලියන 2.25ක තොරතුරු ඇතුළත් අධ්‍යයන 26ක තොරතුරු හා දත්ත විශ්ලේෂණය කරමින් පර්යේෂකයන් මෙම අධ්‍යයනය කර තිබේ.
කෝපි පානය නොකරන පිරිස හා දිනකට කෝපි කෝප්පයක් පානය කරන පිරිස හා සැසඳීමේදී එම පිරිසට අක්මා පිළිකාවේ මූලික/ප්‍රාථමික තත්ත්වය වර්ධනය වීමේ අවදානම සියයට 20කින් අඩුබව අනාවරණය වී තිබේ.
courtesy : lankadeepa.lk

Related posts

Corona : තවත් 40ක් හමුවේ..

Shiran Viraj

මහනුවර හෝටලයක පිහිනුම් තටාකයේ ගිලී පුද්ගලයෙක් මරුට

Shiran Viraj

චීනය සමග සිදුකරන ගුවන් වාර ගණන සිමා කිරීමට ශ්‍රී ලන්කන් සමාගම තීරණය කරයි

Shiran Viraj