mediahumanrights.lk
Local News News

GMCහි ලියාපදිංචිය ගැන සයිටම් ආයතනය කරුණු දක්වයි

සයිටම් සිසුන් එක්සත් රාජධානියේ General Medical Council(GMC)වෙත බඳවා ගැනීම සම්බන්ධ ක්‍රියා පටිපාටිය යළි සලකා බැලීමට කටයුතු කරන බවට එම ආයතනයේ අයඳුම්පත් ලියාපදිංචි කිරීම් ප්‍රධානී රිචඩ් ඒමිසන් මහතා තහවුරු කරයි.
මේ වන විට එක්සත් රාජධානියේ GMC හි අයඳුම්පත් ලියාපදිංචි කිරීම් පිළිබඳ ජනමාධ්‍යවල පළවන ඇතැම් වාර්තා සම්බන්ධයෙන් සයිටම් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින්  මේ බව පවසා ඇත.
මෙම ගැටළුවට අදාළ නෛතික හෝ වෙනත් කරුණු තීරණය කිරීමට තමන්ට හැකියාවක් නොමැති නමුත් ශ්‍රී ලංකා රජය හෝ වෙනත් නීතිමය ආයතනයක් මඟින් ලබා දෙන තීන්දුවකට අනුව කටයුතු කිරීමට තමන් පියවර ගන්නා බව ද GMC ආයතනය සයිටම් ආයතනය වෙත දැනුම් දී ඇත.
තම උපාධිධාරින්ට GMC සඳහා අයඳුම් කිරීමට අවශ්‍ය සුදුසුකම් සපුරා තිබෙන බව සයිටම් ආයතනය මඟින් මෙහිදී පෙන්වා තිබේ.
සයිටම් සිසුන් GMC සඳහා අයඳුම් කිරීම වැළැක්වීමට මැදිහත් වී ඇත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව බව ද එම නිවේදනයේ දක්වා ඇත.
(under the courtesy of adaderana news web)

Related posts

කොරෝනා පාලනය වෙන තෙක් පොදු ප‍්‍රවාහන සේවා කළමනාකරණයට පියවර

Shiran Viraj

අම්මා හැර ගිය පසු තාත්තා සමඟ තනිවූ පුංචි දුවට වෙච්ච දෙයක් නෑ- මහ රෑ දැරිය මොර දුන් බව අසල් වැසියෝ කියති

Shiran Viraj

‘මැතිවරණ අපේක්ෂකයන්ට අගතියක්’ – මහින්ද දේශප්‍රියගෙන් ජනාධිපති කොමිසමට ලිපියක්

Shiran Viraj