mediahumanrights.lk
Local News News

මහනුවර පෙරහැර සමයේ සිදුවෙන ජාවාරම මෙන්න

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර නැරඹීම සඳහා පැමිණෙන විදේශීය සංචාරකයින් ගසා කෑමේ ජාවාරමක් ක‍්‍රියාත්මක බව  වාර්තා වුණා.
වැඩි වශයෙන් මෙම ජාවාරම සිදු වන්නේ සංචාරකයින්ට ආසන පැනවීමේදීයි. එහිදී අධික මුදලකට ආසන පැනවීම සිදුවන බවයි  වාර්තා වුණේ.
එලෙස පනවන ආසනද ප‍්‍රමිතියෙන් තොර බව අනාවරණ වුණා. මේ සම්බන්ධයෙන් විදෙස් සංචාරකයින්ද චෝදනා කර ඇති බවයි ඒ පිළිබඳ සොයා බැලීම සඳහා මහනුවර නගරයේ සංචාරයක නිරත වූ  කණ්ඩායම පැවසුවේ.
මේ අතර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ තුන්වන කුඹල් පෙරහැර අද (31) වීථි සංචාරය කෙරෙනවා.
ඒ අද පස්වරු 6.39ට යෙදෙන සුභ මොහොතින්. පෙරහැර ඞී.එස්. සේනානායක වීථිය, කොළඹ වීථිය, ඊ.එල්. සේනානායක වීථීය ඔස්සේ රජ වීථියට පැමිණ යළි දළදා මාලිගාවට ගෙවදීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

අරලියගහ මැදුර වැටලූ විරෝධතාකරුවන් එලවන්න ඉල්ලූ තහනම් නියෝගය ප‍්‍රතික්‍ෂෙපයි..

Shiran Viraj

විල්පත්තුවේ අක්කර 1500ක් සුද්ද කරයි.. කෝමාරිකා වගාවක්ලු..

Shiran Viraj

ටෝකියෝ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු අවසන්

Shiran Viraj