mediahumanrights.lk
News Political

දුප්පතාගේ හිතවතා ශක්තිමත් කරන බව ජනපති කියයි

සමූපකාර ව්‍යාපාරය බදුවලින් නිදහස් කිරීම සඳහා ඉදිරියේදී උපරිම ක‍්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ මේ හරහා මෙරට දුගී භාවය තුරන් කිරීමට හැකියාව ලැබෙන බවයි.
කුරුණැගල මාළිගාපිටිය ක‍්‍රීඩාංගණයේ පැවති අනූ පස්වන ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
එහිදී ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ “දුප්පතාගේ හිතවත් මිත්‍රශීලි ජාතික ව්‍යාපාරය ලෙස සමූපකාර ව්‍යාපාරය ශක්තිමත් කිරීම කියන්නේ අපේ රටේ දුගී භාවය, දුප්පත්කම, නැති බැරිකම තුරන් කිරීම සඳහා මූලික වශයෙන්ම තිබෙන පුළුල් ජාතික ව්‍යාපාරයයි.” යනුවෙනි.
(under the courtesy of nethfm news web)

Related posts

ජනවාරියේ සිට වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළට

Shiran Viraj

අවධානයෙන් සිටින්න ! ඔබේ බැංකු රැකියාව දේශපාලනඥයින් උදුරාගත හැක

Shiran Viraj

ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව ඉටුකම අරමුදලට රුපියල් මිලියන 92ක මුදල් පරිත්‍යාගයක්

Shiran Viraj