mediahumanrights.lk
Local News News

සීනි මිළ අඩු වුණාට බේකරි නිෂ්පාදනවල මිළ පහළ දාන්න බැරිලු

සීනි කිලෝවක තොග මිළ රුපියල් තුනකින් අඩු වුවද සිය නිෂ්පාදනවල මිළ පහත නොදමන බව ආපන ශාලා සහ බේකරි හිමියන් පවසනවා.
රුපියල් 99 ක් ව පැවති සීනි කිලෝවක තොග මිළ රුපියල් 96 ක් දක්වා අඩු කිරීමට සීනි ආනයනකරුවන්ගේ සංගමය ඊයේ (17) තීරණය කළා.
සීනි ආනයනකරුවන් සතුව කොපමණ තොග ප‍්‍රමාණයක් ඇත්දැයි හෙළි කරන ලෙසයි ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ඉල්ලා සිටින්නේ.
ඉකුත්දා සීනි මිළ ගණන් ඉහළ ගියද සිය නිෂ්පාදනවල මිළ ඉහළ නොදැමු බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ. එවන් පසුබිමක සිය නිෂ්පාදනවල මිළ පහත දැමිය නොහැකි බවද එම සංගමයේ සභාපති එම්.කේ. ජයවර්ධන නෙත් නිවුස් වෙත කියාසිටියා.
(under the courtesy of nethfm news web)

Related posts

චංවාවලට උදවු කරන්නැයි දේශපාලක බලපෑම්.. තිස්සමහාරාම ප‍්‍රාදේශීය ලේකම් ධුරයෙන් අස්වෙයි..

Shiran Viraj

ලංකාවේ අත්‍යවශ්‍ය බඩු මොනවත් නෑ…

Shiran Viraj

මුරුත්තෙට්ටු හිමි නෙරපන්න.. මහා ශිෂ්‍ය සංගමය ජනපතිට දන්වයි..

Shiran Viraj