mediahumanrights.lk
Local News News

නිවසකට හොරෙන් ගිය 2ක් අත්අඩංගුවට

දික්වැල්ල  ප්‍රදේශයේ නිවෙසකට සොරෙන් ඇතුළු වී මුදල් හා දේපළ සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණියක් සහ තවත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
දික්වැල්ල පොලීසයට ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියක් සහ 43 හැවිරිදි පුද්ගලයෙක් බව අනාවරණය වී ඇත.
ඔවුන් විසින් රුපියල් දෙලක්ෂ 31,000ක් වටිනා රණ් භාණ්ඩ සහ මුදල් සොරකම් කර ඇති අතර සොරාගන්නා ලද රණ් භාණ්ඩවලින් කොටසක් සැකකරුවන් සතුව තිබී පොලීසිය විසින් සොයාගෙන තිබේ.
සැකකාර තරුණිය සහ අනෙක් සැකකරු මාතර මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර දික්වැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
(under the courtesy of adaderana news web)

Related posts

ශ‍්‍රී ලංකාවේ අර්බුදයට චීනය වගකිව යුතුයි..- තායිවානය

Shiran Viraj

භාණ්ඩ වර්ග 795ක ආනයන සීමා ඉවතට…

Shiran Viraj

ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 60ක් ජීවිතක්ෂයට

Shiran Viraj