mediahumanrights.lk
Local News News

දියණියන් දෙදෙනා සහ පුතාගේ දෑත් බැඳ ගසක එල්ලා මැරූ නරුම පියා

පියා විසින් සිය දියණියන් දෙදෙනා සහ පිරිමි දරුවා ගේ දෑත් පිටුපසට කර බැඳ එල්ලා ගෙල වැළලා ගැනීමට සැළැස්වූ පුවතක් කඹුරුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ඊයේ (26) රාත්‍රියේ කඹුරුපිටිය පොලිස් වසමේ බෙරලිඅතුර ප්‍රදේශයේ නිවසක් ගිනි ගන්නා බවට 119 ට ලද තොරතුරකට අනුව පොලිසිය ගොස් සිදු කළ පරීක්ෂාවකදී මේ බව අනාවරණය වී තිබෙනවා. පොලිසිය අදාළ ස්ථානයට යන විටත් ගින්නෙන් නිවස මුළුමනින්ම විනාශ වී ගොස් තිබෙනවා.
පසුව නිවස ඉදිරිපිට ඇති ගස් දෙකක් අතර හරහට දැමූ උණ ලීයක ගැට ගැසූ තංගුස් ළණු ආධාරයෙන් එල්ලී මරණයට පත්ව සිටි මෙම දැරියන් දෙදෙනා, පිරිමි දරුවා සහ සැකකාර පියාගේ මළසිරුරු හමු වී තිබෙනවා.
මරණයට පත්ව ඇති සැකකාර පියා වයස අවුරුදු 44 ක් වූ පතිරණගේ ප්‍රියන්ත නැමැත්තෙක්. වයස අවුරුදු 16 ක් වූ කෞෂල්‍යා සෙව්වන්දි සහ වයස අවුරුදු 10 ක් වූ හිරුණි සෙව්වන්දිකා දියණියන් දෙදෙනායි. මෙම සැකකාර පියාගේ පුත්‍රයා හිමිනමක වන වයස අවුරුදු 14 ක අයෙක්.
සිද්ධිය ඇති වූ අවස්ථාවේදී නිවසට පැමිණ ඇති හිමිනම එහිදී මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී තිබෙනවා.
මෙම නිවසේ පදිංචි දරුවන්ගේ මව සහ පියා අතර ඇතිවූ පවුල් ආරවුලක් හේතුවෙන් මාසයකට පමණ පෙර දරුවන් හා පියා අතහැර ඇය නිවසෙන් පිටව ගොස් තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

සරත් ෆොන්සේකා බල්ලෙක්..ඔහු එජාපයෙන් පන්නා දැමිය යුතුයි-තෙවරප්පෙරුම නොනැවතේ

Shiran Viraj

වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන් සොයා අද සිට වැටලීම්

Shiran Viraj

මගේ ජනප්‍රියත්වයට වඩා බබාගේ සුරතල් වයස වටිනවා

Shiran Viraj