mediahumanrights.lk
Local News News

අයියාගේ පහරින් මල්ලී අවසන් ගමන් යයි

කෑගල්ල ප්‍රදේශයේදී එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සිදු වූ පහරදීමකින් එක් අයෙකු මියගොස් තිබේ.
බීමත්ව සිටියදී දෙදෙනා අතර ආරවුලක් හටගෙන ඇති අතර වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයාට මුගුරකින් පහරදී ඇති බව පොලීසිය සඳහන් කළේය.
බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 40 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධියට සම්බන්ධ 43 හැවිරිදි  වැඩිමහල් සොහොයුරා කැගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

අමෙරිකාවේ වීනස් විලියම්ස් අර්ධ පූර්ව වටයේ ජය

Shiran Viraj

ජනාධිපති වෙන්න ගිය විජේදාස පොහොට්ටුවෙන් නෙරපයි..

Shiran Viraj

"මතක තියාගන්න ඔයාගෙ බිරිඳ කියන්නෙත් හැඟීම් විඳින්න කැමති ජීවියෙක්"- විවාහයට පෙර දිනයේ මවක් තම පුතුට කියූ සංවේදී කතාවක්

Shiran Viraj