mediahumanrights.lk
Local News News

Facebook භාවිත කිරීම හරහා ළමයින් අපයෝජනයට ලක්වූ සිද්ධි වාර්තා ගත ලෙස ඉහළ යයි

Facebook භාවිත කිරීම හරහා ළමයින් අපයෝජනයට ලක්වූ සිද්ධි වාර්තා ගත ලෙස ඉහළ යයි
ෆේස්බුක් සාමාජ මාධ්‍ය ජාලය භාවිතයේදී ළමයින් අපයෝජනයට ලක්වූ සිද්ධි වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබේ.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේ, එවැනි සිද්ධි පිළිබඳව පැමිණිලි 67ක් වසරේ ගතවූ කාලය තුළ වාර්තා වී ඇති බව ය.
පසුගිය වසරේ වාර්තා වී ඇත්තේ එවැනි සිද්ධි 54 ක් පමණි.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේ, මෙම සියලු පැමිණිලි සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ය.
මීට අමතරව ෆේස්බුක් ඔස්සේ සිදුවූ විවිධ අපයෝජන සිද්ධි සම්බන්ධයෙන් 221ක් දෙනෙකුට අවශ්‍ය උපදෙස් ලබා දුන් බව ද ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය සඳහන් කළා ය.
ඇය පැවසුවේ, මෙවැනි සිද්ධි වළක්වා ගැනීම සඳහා ළමයින්, ගුරුවරුන් හා මව්පියන් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක බව ය.
(under the courtesy of newsfirst.lk web)

Related posts

වයඹට ජලය – මොරගහකන්ද දෙවන අදියර හෙට ආරම්භ කරනවා – ජනපති

Shiran Viraj

කොරෝනාවට බියෙන් ඉන්දියාවේ සිට බෝට්ටුවෙන් මෙරටට පැන එති.. පොලිස් බාරයට..

Shiran Viraj

දේශබන්දුට එරෙහිව මුජිබර් ශ්‍රේෂ්ඨාධිකරණයේ.. පොලිස්පතිකමට අතුරු තහනමක් ඉල්ලයි…

Shiran Viraj