mediahumanrights.lk
Local News News Political

මුදල් වංචාවකට මහින්දානන්දට අධි චෝදනා

හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අධි චෝදනා කොළඹ මහාධිකරණයේදී මන්ත‍්‍රීවරයාට අද (22) භාරදෙනු ලැබුවා.
ඒ, සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි. ශ‍්‍රී ලංකා කම්කරු කොංග‍්‍රස් වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් පිළිබඳ සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරයාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.
අදාළ චෝදනා සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරයාට රුපියල් ලක්ෂ විස්ස බැගින් වූ ශරීර ඇප දෙකක් ද මෙහිදී නියම කෙරුණා.
ඔහුගේ විදේශ ගමන්ද තහනම් කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
සිද්ධියට අදාළ නඩුව ජූනි මස 27 වනදා යළි කැඳවීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

නිම නොවන කොවිඩ් රැල්ල – රට පුරා හමු වූ ආසාදිතයෝ

Shiran Viraj

නායයාම් නිවේදන තවදුරටත් වලංගුයි – ගංගාවල ජල මට්ටම සාමාන්‍ය තත්ත්වයට – පහත් බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් සිටින්න

Shiran Viraj

නව තෙල් පිරිපහදුව රටේම ඉල්ලීමක්.. මෙය ඉතිහාසයේ දැවැන්තම ආයෝජනයයි..- Ceypetco ප‍්‍රධානී

Shiran Viraj