mediahumanrights.lk
Local News News Political

මහින්දගේ ආරක්ෂාව ගැන සාගලගෙන් පිළිතුරක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි නිලධාරීන් පිරිසක් නැවත කැඳවීම සම්බන්ධයෙන් අද  පාර්ලිමේන්තුවේදී අමාත්‍ය සාගල රත්නායක මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදු කළේය.
පාර්ලිමේන්තු විමල් වීරවංශ මහතා කළ ඉල්ලීමකට අනුව අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේ අදාළ තීරණය ගෙන ඇත්තේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ වාර්තා සලකා බැලීමෙන් පසුව බවයි.
හිටපු ජනාධිපතිවරයාට පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් 26 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 229 දෙනෙකු ආරක්ෂාවට යොදවා සිටි බව අමාත්‍යවරයා පැවසුවේය.
ආරක්ෂක සමාලෝචනයට අනුව අත්‍යවශ්‍ය නොවන නිලධාරීන් පිරිසක් පමණක් යළි කැඳවා ඇති බව සාගල රත්නායක අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඊට පෙර හිටපු ජනාධිපතිවරුන් සහ විශේෂිත පුද්ගලයින් සම්බන්ධයෙන් ද කලින් කලට සිදු කෙරෙන සමාලෝචන අනුව ආරක්ෂාවට සපයා ඇති නිලධාරීන්ගේ සංඛ්‍යාව අඩු වැඩි කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

විමල්ලාගේ විසදුම් වැඩක් නෑ.. හොරා කෑ සල්ලි රටට දී රාජපක්ෂ පවුලම ඉල්ලා අස්විය යුතුයි..

Shiran Viraj

පාර්ලිමේන්තුව විසුරුවන යෝජනාවක් එජාපයෙන්ම පාර්ලිමේන්තුවට..ජාතික ආණ්ඩුව බැරි වූ නිසා මහ මැතිවරණයක් කැදවන්න යයි..

Shiran Viraj

පොල් තෙල් බෝතලය 800ට.. පොල් ගෙඩිය 130ට..

Shiran Viraj