mediahumanrights.lk
Local News News Political

සෙන්කෝලය හැදූ පියතිලකට එය ස්පර්ශ කරන්න කතානායක අවසරය ලද මොහොත

කැරට් 20 රත්‍රං වලින් සෙන්කෝලය හැදූ පියතිලකට එය ස්පර්ශ කරන අවසරය කතානායක කරු පිරිනමයි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සෙන්කෝලය ගැන බොහෝ අය අසා ඇත. පාර්ලිමේන්තු සභාව ගෞරවනීය ලෙස අරඹන්නේ සෙන්කෝලය ස්ථානගත කිරීමෙන් පසුවය.
ඇතැම් මැතිඇමතිවරු සභාවට බාධා කරන්නට මෙය ඔසවා ගෙනගිය අවස්ථාද වරින් වර වාර්තාවී තිබේ. පාර්ලිමේන්තුවේ බලය සංකේතවත් කරන වත්මන් සෙන්කෝලය 1949 දී බ්‍රිතාන්‍ය රජය විසින් පරිත්‍යාගයක් ලෙස ලබා දුන් එකකි. ඉන් පෙර 1972 දක්වා භාවිතා වූයේ ලංකාවේ කලාකරුවෙකු නිර්මාණය කළ සෙන්කෝලයකි.
සෙනෙට් සභා සෙන්කෝලය ලෙස හඳුන්වන එය දැන් කෞතුක වස්තුවක් ලෙස ඉතා සුරක්ෂිතව තැන්පත් කර ඇත.  එය කාටවත් ස්පර්ශ කරන්නට අවසරයක් නැත.
මෙම සෙන්කෝලය තැනූවේ  විශිෂ්ට රන්කරුවෙකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලූ රඹුක්කන දොඹේමඩ පදිංචි ඇස්වෙද නයිදෙලාගේ පියතිලක මහතා විසිනි. ඔහු දැන් 88 වන වියේ පසුවන අයෙකි. තමා එදා කළ නිර්මාණය ස්පර්ශ කරන්නටවත් වරම් නැති නිසා කාලයක් තිස්සේ ඒ ගැන සිතමින් ඔහු ළතැවී තිබේ. මේ ගැන කතානායක කරු ජයසූරිය මහතාට ආරංචි ලැබුණ පසුව ඔහුට අහිමිව තිබුණ අවස්ථාව ලබා දිය යුතු නොවේදැයි කල්පණා කර ඔහුට එය නැවත පරීක්ෂා කරන්නට අවස්ථාවක් පසුගියදා ලබා දුණි.
1956 දී තමන්ට ලබා දුන් සැලැස්ම අනුව අගල් 52 කින් දිගින් යුතුව ඇත් දලයකට  කැරට් 20 රන් පවුම් 45 කින් හා  රිදී රාත්තල් 3 ½ කින් කැටයම් දමා පච්චවඩම්, නිල් මැණික් සහ නවවරම් මාණික්‍යයන් ඔබ්බවා මෙය නිම කළ බව ඔහු පවසා තිබේ.
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය දශක 07 සම්පූර්ණ වීමට ආසන්න මේ අවස්ථාවේ පියතිලක මහතාට විශේෂ භෝජන සංග්‍රහයක් සහ තුඩු පඬුරුද පිරිනමමින් මෙම අපූරු අවස්ථාව උදා කර දී තිබූ අතර ඒ සඳහා ඔහු සිය දරු මුණුපුරන් සමග පැමිණියේය.මෙම අතිශය සම්භාවනීය සංකේතය අසලටවත් සමීප වීමට එදා මෙදා තුර ඔහුට වරම් හිමි නොවී තිබියදී දෑත, දෙපය හොදින් වාරු තිබුණු සමයේ තමා විසින් කළ නිර්මාණය ස්වකීය දරු මුණුබුරන් කැටුව විත් යළි ස්පර්ශ කර බැලීමට ඔහුට හැකි විය.
මෙම සෙන්කෝලයේ උඩ කොටස පෙති අටකින් සමන්විත පත්මයක් මත පිහිටි උල් හැඩයට ඇති පච්චපඩියම් මාණික්‍යයකින් සෑදු ඔටුන්නකින් ගෝලය පුන්කලසක හැඩරුවින් සමන්විත වේ. ගෝලය වටා ඇති රැලිවලින් අනුරාධපුරයේ සඳකඩ පහණ මූර්තිමත් කෙරේ. එයට පහළින් ලංකාවේ රක්ත හා නීල මාණික්‍යයන් ඔබ්බවා තිබේ.  සෞරග්‍රහ මණ්ඩලයේ නව ග්‍රහයන් පිළිබිඹු වන සේ පහත කවයෙහි නවරත්න මාණික්‍යයන් සවි කර ඇත.  සෙන්කෝලය කොටස් 45 කට ගැලවිය හැකි පරිදි එක් රහස් ඇණයකින් සවි කර ඇති බවත් එම රහස් ඇණය ගැන දන්නේ තමා පමණක් බවත් පියතිලක මහතා පවසයි.  එහි මුළු බර රාත්තල් හතර හමාරක් වන අතර,   එහි යෂ්ටිය වටේට එවකට සෙනෙට් සභාවේ ලාංජනයෙහි “සංතින්ද්‍රියෝච නිපකෝච” යන පාලි පාඨය සඳහන්ව තිබූ බව ඔහු පවසා ඇත.
ශ්‍රී ලංකාවේ කලාකරුවෙකු විසින් නිර්මිත එකම සෙන්කෝලය සෙනෙට් සභා සෙන්කෝලය තැනූ නිර්මාණකරු එය යළි දැක මෙලෙස අපමණ සතුටට පත්ව තිබේ.

Related posts

තත්පරයක් ඉවසන්න බැරි කමින් ජීවිතය අහිමි කර ගත් හැටි – කඳානම හැඬවූ යතුරුපැදි අනතුර-VIDEO

Shiran Viraj

රජයට එරෙහි උද්ඝෝෂණවලට සැප්තැම්බරයේ සිට ස්ථාන

Shiran Viraj

ධම්මික පැණියට රජරට සරසවියෙන් පොල්ලක්.. සායනික පරීක්‍ෂණ අල කරවයි.. කුහකාචාරියෙක් ඒ පසුපස..

Shiran Viraj