mediahumanrights.lk
Local News News Political

"දෑ අභිමානි 2017" ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

දෑ අභිමානි 2017 – දැයක් නගන පරපුර වෙත, නගමු හරසර සම්මාන උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ඊයේ (30) පැවැත්වුණා.
එය සංවිධාන කර තිබුණේ මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින්.
නාගරික ජනාවාසවල වෙසෙන ජනතාවට ස්ථිර නිවහනක් ලබාදීම සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘතිවල සේවයේ නියුතු ශ්‍රමිකයන්ගේ වටිනාකම හා කැපවීම නිසි ලෙස ඇගයීමකට ලක් කිරීම මෙහි අරමුණයි.
දේශීය සහ විදේශීය ඉදිකිරීම් සමාගම් 08 ක සේවය කරන ශ්‍රමිකයින් අතරින් ක්ෂේත්‍ර 22 ක, 220 දෙනෙකු අගයමින් මෙහිදී සම්මාන පිරිනැමුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මේ අතර, ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලයේ සාකච්ඡාවක්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා.
(under the courtesy of hirunews news web)

Related posts

අනතුරින් 1ක් මරුට

Shiran Viraj

ස්වර්ණවාහිනී පිරිසක් කොරෝනා පරීක්‍ෂා කරයි..

Shiran Viraj

වෛද්‍ය සැපයුම් අංශය පරිගණක ජාලයට

Shiran Viraj