mediahumanrights.lk
Local News News

සේවක වර්ජනයෙන් ජල සැපයුමට බාධා


තම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරින්ගේ සංගමයේ සභාපති උපාලි රත්නායක පවසනවා.
එහෙත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඒ. ඒ.අන්සාර් කියා සිටියේ සේවකයන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජල සැපයුමට බාධා එල්ල වී නොමැති බවයි.
තම සේවා තත්ත්වය පහත හෙලීම සහ වරප්‍රසාද කප්පාදුවට එරෙහිව ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරින්ගේ සංගමය සහ කාර්මික නිළධාරින්ගේ සංගමය එක්ව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබුවේ පසුගිය 09 වැනිදායි.
ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරින්ගේ සංගමයේ සභාපති උපාලි රත්නායක කියා සිටියේ මාතර, වැලිගම, කරගොඩ, උයන්ගොඩ සහ මිරිස්ස ආදී ප්‍රදේශවල ජල සැපයුම මේ වනවිට අඩාල වී ඇති බවයි.කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඒ. ඒ. අන්සාර්ගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ වර්ජනය හේතුවෙන් ජල සැපයුමට බාධා සිදුවී නොමැති බවයි.

Related posts

රාජ්‍ය අධ්‍යාපනය කප්පාදුවට! ගුරු විද්‍යාල කිහිපයකුත් වැසිලා

Shiran Viraj

හෙට පාසල් නිවාඩු..?

Shiran Viraj

මහින්ද සෝබර් දුපතේ…? රටින් යන්න ගුවන් යානාවක් ඇවිත්..?

Shiran Viraj