mediahumanrights.lk
Local News News Political

බන්ධනාගාර පහසුකම්ගැන කතානායක විමල්ගෙන් අහයි

කොහොමද විමල්? පහසුකම් එහෙම තියෙනවද? කථානායක වරයා විමසීය. මොන පහසුකමද කථානායකතුමා? විමල් කීවේය. ටොයිලට් එහෙම කොහොමද? කථානායකවරයා විමසීය. අපි ඉන්න වාට්ටුවේ 40කට වඩා සිරකරුවෝ ඉන්නවා.
ඒ හැම දෙනාටම තියෙන්නේ වැසිකිළි දෙකයි. විමල් කීවේය.
එතකොට නාන්න එහෙම ෂවර් තියෙනවද? කථානායකවාරයා විමසීය. ෂවර් නෑ වතුර පුරවපු ටැංකියක් තියෙනවා. ඒකෙන් බාල්දියකින් වතුර අරන් නා ගන්නවා. ඒ ටැංකිය තමයි සිරකරුවෝ ඔක්කොටම තියෙන්නේ. විමල් කීවේය.
එහෙමද? අපි මන්ත්‍රීවරු හැටියට ඒවා හොයලා බලලා විසදුම් දෙන්න ඕනෑ. කථානායකවරයා තරමක් කනගාටුවෙන් කීවේය.
විමල්ගෙන් කථානායකවරයා මේ බව විමසා ඇත්තේ පසුගියදා පාර්ලිමේන්තුවේදී මුණගැහණු මොහොතකදීය.
– ගොසිප්Cලංකා

Related posts

හිස් ගෑස් සිලින්ඩරය කළු කඩේ රුපියල් 15000-20000 පනී….

Shiran Viraj

බීමත්ව ගුවන්යානයක සිටීමේ වරදට ගුවන් නියමුවෙක්ට සිර දඬුවම්

Shiran Viraj

පුද්ගලික අංශයේ භාණ්ඩාගාර බැඳුම්කර බිල්පත්වලට 46%- 60%ක දැවැන්ත ලාභාංශ…

Shiran Viraj