mediahumanrights.lk
Local News News

දිවයින පුරා රෝහල්වල හෙද – හෙදියන් 3000කගේ හිඟයක්


දිවයින පුරා රෝහල්වල හෙද – හෙදියන් 3000කගේ පමණ හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.
වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේ, ඇතැම් රෝහල් මුලික රෝහල් දක්වා වර්ධනය වීම හේතුවෙන් එම හිඟය මතුව ඇති බව ය. ඉදිරි වසර දෙක තුළ එම හෙද හිඟයට විසඳුම් ලබා දීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේ ය.
ඒ යටතේ, ලබන වසරේ නව හෙද හෙදියන් 1000ක් බඳවා ගැනීමට නියමිත බව ද වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

Related posts

ඒකාබද්ධ විපක්ෂය රැස්වී මහින්දට දුන් බලය

Shiran Viraj

අවලෝකිත්ශ්වර බෝධිසත්වයන් කැළණීයේදී සප‍්‍රයිස් වී කෙලෙස් ඇතිවෙයි.. බුදුවෙන්න පරක්කු වෙයි..

Shiran Viraj

දුම්පානය කරන්නන් ළඟින් සිටීමත් අවදානම්

Shiran Viraj