mediahumanrights.lk
Local NewsNews

'ටුක් ටුක්' එකට බිලක්‌ දෙන නීතිය හෙට සිට

මගියාට බිල්පතක්‌ නිකුත් කළ හැකි වන සේ ත්‍රිරෝද රථ සඳහා මීටරයක්‌ සවිකළ යුතු බවට මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව පැනවූ නීතිය හෙට (20) සිට ක්‍රියාත්මකය.
මගියාගේ ගමනට සරිලන බිල් පතක්‌ මගී ත්‍රිරෝද රථ මගින් නිකුත් නොකරන්නේ නම් ළඟම ඇති පොලිසියට පැමිණිලි කරන ලෙස මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා මගී ජනතාවගෙන් ඉල්ලීමක්‌ කරයි.
 මෙහිදී තවදුරටත් කතා කළ වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා මෙසේද කියා සිටියේය.
” මගී ත්‍රිරෝද රථ සේවාවේ ගුණාත්මක භාවය වඩා ඉහළ නැංවීමේ අරමුණින් තමයි අපි මේ නීතිය ගෙනාවේ. බිල්පත් ලබාදිය හැකි මීටර් සුලබ වනතෙක්‌ මාස 6 ක කාලයක්‌ මේ නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතිව සහන කාලයක්‌ අපි ලබාදුන්නා. ඒ සහන කාලය අප්‍රේල් 1 වැනිදා අවසන් වුණා.
ඒ අනුව ත්‍රීරෝද රථවල ගමන්කරන මගියාගේ ගමනට අදාළව බිල්පතක්‌ නිකුත් කිරීම අප්‍රේල් 20 වැනිදා ඉඳන් අනිවාර්යයි. මේ නීතියට එකඟ වෙන්නේ නැති මගී ත්‍රීරෝද රථ රියෑදුරන්ට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිමය ක්‍රියා මාර්ග ගන්නවා.
බිල් නොදෙන රියෑදුරන් පිළිබඳව මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ 0112-696890 දුරකථන අංකයට පැමිණිලි කරන්නත් පුළුවන්. ”

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

ගෑස් වල සංයුතිය වෙනස් කරලා.. තැන තැන පුපුරන්නේ එනිසා.. සැම නිවසකම බෝම්බයක් තබාගෙන සිටිනවා සමානයි…

Shiran Viraj

තවත් ගෑස් පිපිරුමක්..

Shiran Viraj

අන්තරේ සමග සරසවි සිසුන් ගැටේ – STF කැඳවයි..තිදෙනෙක් රෝහලට

Shiran Viraj
Translate »