mediahumanrights.lk
International News News

ලෝක ධනවතුන්ගේ ලයිස්තුව නවීකරණය වේ, "ඊ" ව්‍යාපාරිකයන් පෙරමූණේ .!

2017 වසර අවසන් වී 2018 නව වසර ආරම්භ වී දින හතරක් ගතවීද අවසන්. මේ අතර බොහෝ දෙනාගේ අවදානයට ලක්වන ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලයිස්තුව  2017 වසර අවසන් වන විට  නවීකරණය කිරීමට ෆෝබ්ස් සහ බ්ලූම්බර්ග් වෙබ් අඩවි කටයුතු කර තිබෙනවා.
ඒ අනුව 2017 වසර අවසන් වන විට ලොව ධනවත්ම පුද්ගලයා බවට පත් වීමට ඇමේසන් ව්‍යාපාරයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිළධාරී ජෙෆ් බේසස්. ඔහුගේ ශුද්ධ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 99ක්. මින් පෙර ලොව ධනවත්ම පුද්ගලයා ලෙස වැජඹුනු වින්ඩෝස් හිමිකරු බිල් ගේට්ස් ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලයිස්තුවේ දෙවන ස්ථානයේ පසු වෙනවා. බිල් ගේස්ට්ගේ ශුද්ධ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 91.8ක් පමණ වනවා.
මෙතෙක් කාලයක් ලොව ධනවත්ම පුද්ගලයා ලෙසින් වැජබුනු බිල් ගේට්ස් පරයා , ජේෆ් බේසස් ලොව ධනවත්ම මිනිසා බවට පත් වූයේද පසුගිය 2017 වසරේදීයී.
මේ අතර ලොව ප්‍රමුඛතම සමාජ ජාලා වෙබ් අඩවිය වන ෆේස්බුක් වෙබ් අඩවියේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලයිස්තුවේ පස්වෙනි ස්ථානයේ සිටිනවා.
මේ පිළිබදව අදහස් දක්වන විචාරකයන් පවසන්නේ තාක්ෂණය සහ අන්තර්ජාල මුදල් මත සිය ව්‍යාපාර මෙහෙයවන ව්‍යවසායකයන් මෙම ල‍යිස්තුවේ පෙරමුණ ගෙන සිටින බවත් , සාම්ප්‍රදායික ලෙස නිෂ්පාදන මත යැපෙන ව්‍යාපාරිකයන්ගේ කාලය අවසන් වෙමින් පවතින බවත් ඔහුන් අදහස් දක්වා තිබුණා
ලොව ධනවත්ම ව්‍යාපාරිකයන් දසදෙනාගේ ලයිස්තුව පහතින් ,

Related posts

බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් 246 කට කොරෝනා : මුළු ආසාදිතයින් ගණන 569 දක්වා ඉහලට

Shiran Viraj

වැසි තත්ත්වය තවදුරටත්

Shiran Viraj

උතුරු කොරියාව ජපානයට උඩින් යැවූ මිසයිලයට පිළිතුරු දෙන්න අමෙරිකාව සූදානම් වෙයි

Shiran Viraj