mediahumanrights.lk
NewsSportsSports News

කාන්තා 20යි 20 තරගයේ ජය කොදෙව් පිලට

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැති පළමු 20යි 20 ක්‍රිකට් තරඟය ලකුණු 71කින් ජය ගැනිමට බටහිර ඉන්දිය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබේ.
තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදිමට කොදෙව් කාන්තා කණ්ඩායමට ආරාධනා කළේය.
නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04ක් පමණක් දැවී ඔවුන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 140ක්.
පිළිතුරු ලෙස ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 69ක් පමණයි.
ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ කොදෙව් කාන්තා කණ්ඩායම අතර තරඟ 03කින් සමන්විත 20යි 20 තරඟාවලිය එකට බිංදුවක් ලෙස පෙරමුණ ගැනිමට කොදෙව් කණ්ඩායම සමත්ව සිටියි.
දෙරට අතර තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලිය ජය ගැනිමට සමත් වූයේද කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායමයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ශ්‍රී ලංකා සිම්බාබ්වේ සිව්වන සටන ඇරඹේ – අසිත ප්‍රනාන්දු එක් දින වරම් ලබයි

Shiran Viraj

විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය තිසරට

Shiran Viraj

ඊයේ රාත්‍රියේ තද සුළඟක් – නිවාස 21 කට හානි

Shiran Viraj