27.3 C
Colombo
2026-10-29
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

තරු හැඩ වෙන හැටි

මෝස්තර නිරූපණ ක්ෂේත්‍රය හරහා කලා ලොවට පිවිස ටෙලි නාට්‍ය, වෙළෙඳ දැන්වීම් රැසකටම තම රංගන දායකත්වය ලබා දුන් රූමත් රංගන ශිල්පිනියක් වන රොෂානා ඔන්ඩච්චි අපි කවුරුත් හොඳින් හඳුනන තරුවක්. මෙවර අප සමඟ ඇගේ රූ රහස් බෙදා ගත්තේ මේ අයුරින්.
උදේට යෝගට්
පාන්දර 4.30ට මම අවදි වෙනවා. දුවව පාසල් යවන්න සූදානම් කරනවා. උදේට මම කිරි බොන්නෙ නෑ. වතුර බොනවා. උදේට කෑම කන්නෙ නෑ. උදේ 9.30ට 10.00ට වගේ යෝගට් එකක් කනවා.
සම උපතින්ම පැහැපත්
විශේෂ රූපලාවන්‍ය සත්කාර කරන්නේ නෑ. මගේ සම උපතින්ම පැහැපත්. ඒ නිසා සුදු වෙන්න කියලා විශේෂයෙන් ක්‍රීම් භාවිත කරන්නේ නෑ.
හොඳට වතුර බොනවා
ඕනෑම තැනකට යනකොට මම අනිවාර්යයෙන්ම ගෙදරින් පිරිසුදු වතුර බෝතලයක් අරගෙන තමයි යන්නේ.
ඔෟෂධීය තෙල් සත්කාරයක්
කොණ්ඩය රැක ගන්න විශේෂ සත්කාර නම් මම කරන්නේ නෑ. ඒත් අම්මා හදලා දෙන ඔෟෂධීය පොල් තෙල් සත්කාරය කරනවා.
තෙල් කෑම කන්නේ අඩුවෙන්
ඉස්සර මම තෙල් කෑම වර්ග ගොඩක් කෑවා. ඒත් දැන් එහෙම කන්නෙ නෑ. ගොඩක් අඩුවෙන් තමයි තෙල් ආහාර කන්නේ.
දේශීය ආහාරවලට මුල්තැන
මමයි, මගෙ දුවයි ගොඩක් කැමැති ගමේ කෑමවලට. ඒ නිසා හැමදාම රතු බත් සමඟ දේශීය ආහාර වර්ග තමයි අපි ආහාර වේලට එකතු කරගන්නේ. කොළ කැඳ බොනවා.
ඩයට් කරනවා
මම ටිකක් මහත් වෙලා හිටියේ පහුගිය කාලේ. ඒ නිසා මම ඩයට් කරලා මහත අඩු කර ගත්තා. නියමිත ශරීර ප්‍රමාණය පවත්වාගෙන යන්න මම ආහාර පාලනය කරනවා.
සරල මේකප්
මම සැලෝන් යන්නේ ගොඩක් කලාතුරකින්. ඒ යන්නෙත් විශේෂ අවස්ථාවලට හැඩවීම සඳහා පමණයි. සරල මේකප් තමයි මම පාවිච්චි කරන්නේ.
වර්ණවත් පාවහන්වලට කැමැතියි
ඇත්තටම මම ගොඩක් ආසයි පාට පාට පාවහන්වලට. ඒ නිසා විවිධ පාටවල පාවහන් ගොඩක් මම ළඟ තියෙනවා. උදජධථථධද විලාසිතා සහිත පාවහන්වලට තමයි මම වැඩියෙන් කැමැති.
සරල ඇඳුම් විලාසිතා
මගේ දුව තමයි ගැළපෙන ඇඳුම් මට තෝරලා දෙන්නේ. උත්සව අවස්ථාවලට වුණත් ඇයයි මගෙ ඇඳුම් තෝරන්නේ. සරල, සාමාන්‍ය විලාසිතාවලට තමයි මම කැමැති.
ජිම් යන්නේ නැහැ
මම ව්‍යායාම කරන්න කියලා ජිම්වලට යන්නේ නැහැ. ගෙදර ‍ෙදාර වැඩ හැමදෙයක්ම කෙරෙන්නේ මගේ අතින්. ඒ වැඩවලින් මට හොඳ ව්‍යායාමයක් ලැබෙනවා.
විවේක වෙලාවට ඇවිදින්න කැමැතියි
මම පාටිවලට යනවා අඩුයි. විවේකයක් ලැබුණම දුව එක්ක ඇවිදින්න යනවා. මට හොඳ යාළුවෝ ටිකක් ඉන්නවා. එයාලා එක්ක සතුටු සාමිචියේ යෙදෙනවා.
නිතරම සතුටින් ඉන්නවා.
නිතරම සතුටින් ඉන්න මම උත්සහ කරනවා. මනසට විවේකයක්, සහනයක් ලබා ගන්න මම උත්සහ කරනවා. මනසට විවේකයක්, සහනයක් ලබා ගන්න ආගම දහමට සමීපව කටයුතු කරනවා. මම කතෝලික. පල්ලි යනවා වගේම දුව එක්ක පන්සලුත් යනවා.

(උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි)

Related posts

කුඩා දරුවා කැලණි ගගට දමා මවත් පනින්න යද්දී අල්ලයි..

Shiran Viraj

ජල බෝතල් පාලන මිල ඉවත් කෙරේ.. මිල පාලනය වෙලදුන් අතට….

Shiran Viraj

Camping spots in Yosemite for an offbeat, adventure travel

Shiran Viraj
Translate »