mediahumanrights.lk
Local NewsNews

හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට ලක් වූ තරුණියක් මරුට

මහනුවර මහ රෝහලේ හෘද, උරස් ශල්‍ය වෛද්‍ය ඒකකය මගින් හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට ලක් කර එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි 19 හැවිරිදි තරුණියක් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අලූත්ගම, කළුවාමෝදර ප‍්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක්.
එම තරුණියට මොළය මියගිය තරුණයෙකුගේ හදවතක් බද්ධ කිරීමේ සැත්කම සිදු කෙරුණේ ඉකුත් 27 වන දිනයි.
මෙය මහනුවර මහරෝහලේදී හදවත් බද්ධ කිරීමේ සැත්කමක් සිදු කෙරුණු දෙවන අවස්ථාව මෙයයි. මීට පෙර එම රෝහලේදී කාන්තාවකට හදවතක් බද්ධ කිරීමේ සැත්කමක් සිදු කළ අතර එම සැත්කම සාර්ථක වුණා.
(under the courtesy of nethfm news web)

Related posts

ගිනි තැබූ මන්ත‍්‍රී නිවාස තට්ටු දෙකට තුනට හදා දිය යුතුයි…

Shiran Viraj

නගරාධිපති නිල රථයෙන් බල්ලන් බෙහෙත් ගේන්න යයි..

Shiran Viraj

නල්ලතන්නිය මරේ වතුයායේ පවුල් 73ක් නාය යෑමේ තර්ජනයක් මත ඉවත් කරයි

Shiran Viraj
Translate »