mediahumanrights.lk
NewsPolitical

ශ්‍රීලනිප සභපති ධුරය යළි කැඳවන නඩුවේ අතුරු තීන්දුවකට දින නියම කෙරේ

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දෙන්නැයි ඉල්ලා ගොනු කර ඇති නඩුවකට එරෙහිව ඉදිරිපත් කර ඇති මූලික විරෝධතාවක් සම්බන්ධයෙන් සිය තීන්දුව ලබන 29 වනදා ප‍්‍රකාශයට පත් කිරිමට කොළඹ දිසා අධිකරණය අද (04) දින නියම කළා.
අදාළ නඩුව ගොනු කර තිබෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාවේ සභිකයන් දෙදෙනෙක්.
ඊට එරෙහිව මූලික විරෝධතාව ඉදිරිපත් කර ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයායි. නඩුවේ දක්වා ඇති කරුණු දෝෂ සහිත බව එම විරෝධතාවෙන් පෙන්වා දී තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

ඇතැමුන් රටේ ආගමික සංහිඳියාව බිඳ දමන්න කටයුතු කරනවා

Shiran Viraj

පසුගිය මාස 03 තුළ සමාජ මාධ්‍ය ගැන පැමිණිලි 720 ක් ලැබිලා

Shiran Viraj

අඩි 5000ට වඩා උස භූමියේ ගොවිතැනේ ප්‍රතිඵලය අද භුක්ති විඳිනවා – රෝහණ විජේවීර 1970 දී දුටු අනතුර ගැන මන්ත්‍රී නිමල් පලිහේන කියයි

Shiran Viraj
Translate »