2026-01-13
mediahumanrights.lk
Local NewsNews

ඉරිදා කැළණිවැලියේ කිසිම දුම්රිය ධාවනයක් නෑ

ලබන 13 වන ඉරිදා දිනයේ කැළණිවැලි දුම්රිය මාර්ගයේ රේල් බසය හැර කිසිඳු දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවන බව දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහ මහතා සඳහන් කළේය.
දුම්රිය ධාවනය නොවීම හේතුවෙන් මඟී ජනතාවට ඇතිවන අපහසුතාවය අවම කිරීම සඳහා මහරගම හා කොස්ගම දුම්රිය ස්ථාන අතර දැනට ධාවනය වන රේල් බස් රථය සාමාන්‍ය  පරිදි ධාවනයේ යෙදවීමට කටයුතු යොදා ඇති බව විජය සමරසිංහ මහතා කියා සිටියේය.
කෙසේවෙතත් 14 වන සඳුදා දිනයේ සිට කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

(under the courtesy of nethfm news web)

Related posts

බෞද්ධ පුස්තකාලයක් ආරම්භ කිරීමට මිලියන 50ක්- ජාත්‍යන්තර සෞන්දර්ය කලා රංග ආයතනයක්

Shiran Viraj

පොළියට තට්ටු කරන අයට විරුද්ධව මහින්ද නැඟිටියි

Shiran Viraj

ප‍්‍රාථමික ශ්‍රේණිවල සිසුන් කොටස් වශයෙන් පාසලට ගෙන්වනවා

Shiran Viraj
Translate »