26.7 C
Colombo
2026-09-11
mediahumanrights.lk
BusinessBusiness NewsNews

නව දේශීය අදායම් පනතේ පමාවෙන් IMF වාරිකය පමාවන ලකුණු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවන ණය වාරිකය ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු එක් පූර්ව ක්‍රියාමාර්ගයක් වශයෙන්, නව දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පමා වීම නිසා අදාළ ණය වාරිකය ලැබීම ප්‍රමාද වී තිබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය.  ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත තෙවන ණය වාරිකය පමා වීමට විශේෂ හේතුවක් තිබේදැයි මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.
“ඔබට දකින්න පුළුවන් රජයේ මුද්‍රණාලයේ වෙබ් අඩවියේ, එය ගැසට් කර තිබෙනවා. මගේ මතකය හැටියට දිනය ජූනි 19 දා. ඉන් වැඩකරන දින 10 කට පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබනවා. ඒ අනුව IMF වාරිකය සඳහා සැපරිය යුතු සියලු අවශ්‍යතා අපි සපුරා තිබෙනවා. ජූලි දෙවන සතියේ දී IMF විධායක කමිටුව රැස්වීමට නියමිතයි. ඉන්පසු මීළග වාරිකය අපට ලැබනු ඇතැයි විශ්වාස කළ හැකියි.“
මේ අතර නව දේශීය ආදායම් පනත සම්මත කිරීම,  IMF ණය වාරිකය ලබා ගැනීම වෙනුවෙන් ඉටුකළ යුතු පූර්ව කොන්දේසියක් ද යන වග මාධ්‍යවේදියෙකු මෙහිදී විමසා සිටියේය.
“මෙම ණය වාරිකය ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පාර්ශවයෙන් ඉටුකළ යුකු කරුණු කිහිපයක් තිබෙනවා. නව දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ඒ අනුව සිදුකළ යුතුයි. එය සම්මත කළ යුතු බවට කොන්දේසියක් මෙහිදී නැහැ“, යනුවෙන් අධිපතිවරයා මෙහිදී ප්‍රතිචාර දැක්වීය.
(under the courtesy of adaderana news web)

Related posts

පාස්කු විමර්ශන ලොක්කා රටින් පනී.. ඔත්තුකරුවන් දෙදෙනකු ලවා බොරු කියවලා….

Shiran Viraj

ඇයට තවත් සම්බන්ධතා තිබ්බා – යතුරු පැදියේ සීට් කවරය යට ජංගම දුරකතන දෙකක් තිබ්බා – මොණරාගලදී පෙම්වතියගේ ගෙල සිරකර මැරූ ඝාතකයා පොලිසියට වමාරයි

Shiran Viraj

රජයේ සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නෑ.. IMF නිසා සල්ලි අච්චු ගහන්නත් බෑ.. මොකද කරන්නේ..

Shiran Viraj
Translate »