2026-09-07
mediahumanrights.lk
Local NewsNews

හීලෑ අලි ඇතුන් දෙන්න අයදුම්පත් කැඳවයි

අලි ඇතුන් බලා ගන්නන් පුහුණු කිරීම සඳහා නව මධ්‍යස්ථානයක් පිහිටුවන බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ පෙරහැර සඳහා අලි ඇතුන් පුහුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීම වෙනුවෙන් පින්නවල ඊයේ (24) පැවති උත්සවයකදීයි.
හීලෑ අලි ඇතුන් ලබාදීම මින් ඉදිරියට විධිමත් පටිපාටියක් යටතේ සිදු කරන බවද අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මෙහිදී කියා සිටියා.
ඒ අනුව හීලෑ අලි ඇතුන් ලබා ගැනීමට අපේක්ෂා කරන තැනැත්තන්ගෙන් අයදුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණ ද පවත්වන බවයි ඔහු කියා සිටියේ.
(under the courtesy of nethfm news web)

Related posts

ආපදාව කළමනාකරණයට රජය සියලු විධිවිධාන ගත්තා – ඇමැති ආනන්ද විජේපාල

Shiran Viraj

දැදුරු ඔය රුදුරු වෙයි.. සියළු වාන් දොරටු විවෘතයි..

Shiran Viraj

අනාගත ආපදාවලට සූදානම් වීමට දියුණු උපකරණ සහ මානව සම්පත් අත්‍යවශ්‍යයි – විජිත හේරත්

Shiran Viraj
Translate »