2026-09-07
mediahumanrights.lk
Local NewsNewsPolitical

තව දුරටත් යහපාලනයක් බලාපොරොත්තු වෙන්න බෑ

ජනතා අපේක්ෂාවන් ඉටුකරමින් දූෂණයට එරෙහිව ප්‍රතිඥා ලබා දෙමින් බලයට පත් වු වත්මන් ආණ්ඩුව අද වන විට ඒ සියල්ල අමතක කර ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු නොකිරීමට මේ වන විට සුදානම් බවත් පළමු පෙරමුණ සංවිධානයේ කමිටු සමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසේන විජේසිංහ මහතා පවසයි.
එම සංවිධානයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කර සිටියේය.
ජනමත විචාරණයකට නොයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයන්ට ආණ්ඩුවේ දේශපාලන පක්ෂ 2 කේම එකඟත්වය හිමිව ඇති බවත් මේ නිසා තව දුරටත් යහපාලනයක් රජය තුළින් බලාපොරොත්තු විය නොහැකි බවත් විජේසිංහ මහතා මෙහිදී වැඩි දුරටත් කියා සිටියේය.
මාස 6 කින් ඉටු කළ හැකි කාර්යයන් සඳහා දින 100 ක් ප්‍රමාණයත් බව වත්මන් ජනාධිපතිවරයා පැවසු බවත් එම පොරොන්දුව මත ජනතාව එතුමා ජනාධිපතිධූරයට පත් කළ බව ද විජේසිංහ මහතා පැවසීය.
(under the courtesy of adaderana news web)

Related posts

සව්දිය පිරීමට ගෙනා කොකාකෝලා බෝතලේ අපද්‍රව්‍ය (ඡායා)

Shiran Viraj

රටම වසා දමයි.. රට පුරාම ඇදරි නීතිය පනවයි..

Shiran Viraj

රජ්‍ය ඇමතිවරුන් දිවුරයි.. ලයිස්තුව මෙන්න.. ගීතා, සීතා, ඩයනාටත් ඇමතිකම්..

Shiran Viraj
Translate »