2026-10-31
mediahumanrights.lk
Local NewsNewsPolitical

පළාත් නවයට දෙවිවරු ඉන්නවා වගේ අද සංවර්ධන ඇමතිලා ඉන්නවා

අද වන විට අමාත්‍යාංශ සඳහා විෂයයන් බෙදා ඇත්තේ කිසිදු විනයානූකූල පදනමකින් නොවන බවත් ඒ තුළින් සෑම අමාත්‍යවරයෙකුටම මුදල් ඉපැයිය හැකි ආයතනයක් ලබා දී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
අද(20)  පැවති ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය හමුවට එක් වෙමින් ටිල්වින් සිල්වා මෙම අදහස් පළ කළේය.
මේ අතර රවී කරුණානායක මහතා මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් කර විදෙස් අමාත්‍යධුරය ලබා දුන් බවත් ඉන් අනතුරුව විෂයයන් බෙදීමේ දී මුදල් අමාත්‍යාංශ්‍ය යටතේ තිබුණු ලොතරැයි මණ්ඩල දෙකත් රවී කරුණානායක මහතාට ලබා දුන් බවත් පැවසු ටිල්වින් සිල්වා මහතා වැඩි දුරටත් කියා සිටියේ අමාත්‍යාංශය සඳහා විෂයන් බෙදා ඇත්තේ සැළසුම් සහගතව නොවන බවයි.
මේ හේතුව නිසා අමාත්‍යවරු මේ වන විට මහජන මුදල් කොල්ලකමින් සිටින බවත් පළාත් නවයට දෙවිවරු නව දෙනෙක් සිටින ආකාරයෙන් අමාත්‍යවරු පත් කර සිටින බවත් ඒ තුළින් රටේ නිසි සංවර්ධනයක් සිදු නොවන අතර පසුගිය ආණ්ඩුවේ කොල්ල කල්ලිය වෙනුවට අද වෙන විට තවත් කොල්ල කල්ලියක් රට පාලනය කරන බවටද චෝදනා කළේය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මහතා මෙසේ ද කියා සිටියේය.
“කොල්ල කල්ලියට කොල්ලකන්න මුදල් නැති නිසා අලූත් වැඩකට අත ගහන්න යනවා. මුදල් රාජ්‍ය ඇමති එරාන් කියනවා, අලූත් බදු ප‍්‍රතිපත්තියක් හඳුන්වා දෙන්න පනතක් ගේනවා කියලා. ඔහු කියන්නේ දැන් තිබෙන බදු ප‍්‍රතිපත්තිය සංකීර්ණයි කියලා. මෙහෙම කියලා ජනතාවට ගහන බදු අඩු කරන්න නෙවෙයි මේ පනත් ගේන්නේ. තව තවත් ජනතාවට ගහන බදු වැඩි කරන්නයි ආණ්ඩුව උත්සාහ කරන්නේ. ඇමතිවරුන්ට ඔවුන්ගේ යාළුවන්ට අගමැති යාළුවන්ට, කොල්ලකන්න මුදල් හොයන්නයි මේ හදන්නේ. මේ කොල්ලකෑමට එරෙහිව දැවැන්ත ජනතා බලයක් ගොඩනගන්න  ඕනෑ.“
(under the courtesy of adaderana news web)

Related posts

පැවති පාර්ලිමේන්තුව කැදවීම ගැන හිටපු කතානායකගෙන් නිවේදනයක්..

Shiran Viraj

කුඩු බොන අයට වඩා කුඩු ගේන අය අල්ලන්නැයි කියයි..

Shiran Viraj

රාජපක්‍ෂලා 2300 වනතුරු ධනය උපයාගෙන අවසන්..

Shiran Viraj
Translate »