mediahumanrights.lk
Local NewsNewsPolitical

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ගන්න දෙමළ පක්ෂ නියෝජිතයින් උතුරේ දී සාකච්ඡාවක

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් යාපනයේ දී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ, යාපනයේ පිහිටි ඉලංගෙයි තමිල් අරසු පක්ෂ කාර්යාලයේදීයි.
පක්ෂ නායක මාවෙයි සේනාධිරාජාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණා.
ඊට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය, ප්ලොට්, ටෙලෝ හා ඊ පී ආර් එල් එෆ් යන සංවිධාන නියෝජනය කරන නියෝජිත පිරිසක් ද එක්ව සිටියා.
වර්තමානයේ ත‍්‍රස්තවාදයක් ක‍්‍රියාත්මක නොවන බැවින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බවයි මෙහිදී අවධාරණය කර ඇත්තේ.
පනත අහෝසි කිරීම වෙනුවෙන් හඬ නඟන සියලූදෙනාගේ සහය ඊට ලබාගත යුතු බවද දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

ජනාධිපතිට ලගදිම ගෙදර යන්න වෙයි.. ඔහු වටේ ඉන්නේ බෝන්අගෙන් කල්ලියක් හා ඉස්ලාම් අන්තවාදී කල්ලියක්..- මැඩිල්ලේ හිමි

Shiran Viraj

සහල් නිෂ්පාදකයින් හා ජනාධිපති අතර සාකච්ඡාවක්

Shiran Viraj

අරලියගහ මැදුර වැටලූ විරෝධතාකරුවන් එලවන්න ඉල්ලූ තහනම් නියෝගය ප‍්‍රතික්‍ෂෙපයි..

Shiran Viraj
Translate »