31.7 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

මීතොටමුල්ලට අලුත් උපකරණයක්

මීතොටමුල්ල කුණු කන්ද නායයෑමට ලක්වූ ප්‍රදේශයේ වැසි මාපක දර්ශකයක් සවි කිරීමට කටයුතු යොදා ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
වැසි ඇද වැටීමත් සමග එම ප්‍රදේශයේ ඇතිවිය හැකි අවදානම් තත්ත්වය පිළිබඳ දැනගැනීම සඳහා මෙම පියවර ගත් බවයි එම සංවිධානයේ නාය යෑම් අංශයේ ප්‍රධානී ආර්.එම්.එස්. බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
නායයෑමට ලක්වූ කුණු කන්ද ආශ්‍රිතව විටින් විට මීතේන් වායු පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවද ඔහු ප්‍රකාශ කළා.
මේ අතර හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා පියවර ගැනීමට හමුදා ආරක්ෂක මුරපලක් මේ වනවිට ස්ථාපිත කර ඇති බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක රොෂාන් සෙනෙවිරත්න කියා සිටියේ.
(under the courtesy of hirunews news web)

Related posts

ලාෆ්ස් ගෘහස්ථ ගෑස් මිල ගණන් ඉහළට

Shiran Viraj

අනියම් සැමියා හා එක්ව සැමියා මරා අනියම් සැමියාට සැමියාගේ පෙනුම ගන්න සැත්කමක් කළ නරුම බිරිඳට වුණු දේ – Photos

Shiran Viraj

අගමැති චීන කොමියුනිට්ස් පක්ෂ දූත පිරිස හමුවේ

Shiran Viraj
Translate »