26.9 C
Colombo
2026-10-24
mediahumanrights.lk
Local NewsNews

මීතොටමුල්ලට අලුත් උපකරණයක්

මීතොටමුල්ල කුණු කන්ද නායයෑමට ලක්වූ ප්‍රදේශයේ වැසි මාපක දර්ශකයක් සවි කිරීමට කටයුතු යොදා ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
වැසි ඇද වැටීමත් සමග එම ප්‍රදේශයේ ඇතිවිය හැකි අවදානම් තත්ත්වය පිළිබඳ දැනගැනීම සඳහා මෙම පියවර ගත් බවයි එම සංවිධානයේ නාය යෑම් අංශයේ ප්‍රධානී ආර්.එම්.එස්. බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
නායයෑමට ලක්වූ කුණු කන්ද ආශ්‍රිතව විටින් විට මීතේන් වායු පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවද ඔහු ප්‍රකාශ කළා.
මේ අතර හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා පියවර ගැනීමට හමුදා ආරක්ෂක මුරපලක් මේ වනවිට ස්ථාපිත කර ඇති බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක රොෂාන් සෙනෙවිරත්න කියා සිටියේ.
(under the courtesy of hirunews news web)

Related posts

“ඕෆ් සීසන් සැපද? ඕවර 35න් දකුණු අප්‍රිකාවම ඉවරයි” සිංහ පැටවුන් නැවතත් වැඩ පෙන්ව‍යි! (PHOTOS)

Shiran Viraj

එජාප පාක්‍ෂිකයෝ මරාවේශ වෙති..රනිල්ට යන්නැයි ගහ මරා ගනිති..පක්‍ෂ ලොක්කන් පන්නා දමති

Shiran Viraj

රොෂාන් පිලපිටිය අවුරුදු 22ක තරුණියක් සමග යුග දිවියට?

Shiran Viraj
Translate »