27.2 C
Colombo
2026-08-21
mediahumanrights.lk
NewsPolitical

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය ඉල්ලා අස්විය යුතු බව නාමල් රාජපක්ෂ පවසයි

මතභේදයට ලක් වූ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අදාළ සිද්ධියේ වගකීම භාරගෙන අධ්‍යාපන අමාත්‍ය ධුරය දරන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය වහාම ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි. මාධ්‍යවේදීන් අමතමින් ඔහු ප්‍රකාශ කළේ අමාත්‍යාංශ නිලධාරියෙකුගේ ඉල්ලා අස්වීමට වඩා, අදාළ ආයතන ප්‍රධානීන් පත් කළ සහ අමාත්‍යාංශයේ සම්පූර්ණ වගකීම දරන අමාත්‍යවරිය සිය ධුරයෙන් ඉවත් වීම සදාචාරාත්මක බවයි.

ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධානියා ඉල්ලා අස්වීමෙන් පමණක් මෙම ගැටලුව සමනය කළ නොහැකි බවත්, එම තනතුර සඳහා පුද්ගලයන් පත් කරනු ලබන්නේ අග්‍රාමාත්‍යවරිය විසින්ම බැවින් මෙම අත්වැරැද්දේ සෘජු වගකීම ඇය සතු වන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. පිටස්තර පුද්ගලයෙකුට අත්තනෝමතික ලෙස පෙළපොත් හෝ මොඩියුල මුද්‍රණය කළ නොහැකි බවත්, මෙවැනි ප්‍රකාශනයක් නිකුත් කිරීමේදී ඒ පිළිබඳව අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා අනිවාර්යයෙන්ම දැනුවත්ව සිටිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අමාත්‍යාංශ ලේකම්වරයා විසින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම විහිළුවක් බව නාමල් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය. කිසිදු පුද්ගලයෙකුට අමාත්‍යාංශ ලේකම්වරයාව නොමඟ යැවීමට නොහැකි බවත්, විෂය ක්ෂේත්‍රයකට අදාළ මෙවැනි තීරණ සාමූහිකව ගන්නා ඒවා මිස තනි පුද්ගල තීරණ නොවන බවත් ඔහු අවධාරණය කළේය. රජය සිය අසාර්ථකත්වය වසා ගැනීමට නිලධාරීන් මත වරද පැටවීම වෙනුවට දේශපාලන වගකීම ඉටු කළ යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

කොරෝනා වලියක්.. PHI ලාට පහර දෙති..

Shiran Viraj

පියුමිටයි ඉරාජ්ටයි සමාන වූ කෙසෙල් වීඩියෝවක් කරලියට – කාමුකත්වය වැඩිනිසා රටේම හිට් වුණු නිළිය පොලිස් අත්අඩංගුවට

Shiran Viraj

ලොජිපාර්ක් ඉන්ටර්නැෂනල් සමාගමේ ඇමරිකානු ඩොලර් මිලියන 14ක ඒකාබද්ධ ලොජිස්ටික් මධ්‍යස්ථානයට මුල්ගල තැබේ

Shiran Viraj
Translate »