27.2 C
Colombo
2026-09-08
mediahumanrights.lk
BusinessBusiness NewsLocal NewsNews

සදුදා සිට රට පුරාම තෙල් නෑ.. අද එන්නේ ඊයේ ඔ්ඩර් කල තෙල්.. නව ඇණැවුම් නෑ.. – ෂෙඩ් සභාපති…

අද සහ හෙට දෙදෙනෙන් පසු සඳුදා දිනයේ සිට රට පුරා පිරවුම් හල්වල ඉන්ධන අවසන් වනු ඇති බව ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය සඳහන් කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ දැනට ඉන්ධන ලැබෙමින් පවතින්නේ ඊයේ සිකුරාදා දින මුදල් ගෙවා ඇණැවුම් කරන ලද ඉන්ධන තොග බවයි.

එසේ ඉන්ධන පිරවුම්හල් වෙත ලැබෙන තොග අද සහ හෙට දෙදින තුළ බෙදා අවසන් කරන බවත් නව තොග කිසිවක් ඇණැවුම් නොකරන බවත් එම සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා කියා සිටී.

තම ගැටළුවට විසඳුම් ලැබෙන තෙක් නව තොග කිසිවක් ඇණැවුම් නොකරන බවද පැවසූ ඔහු ඒ හේතුවෙන් ලබන සඳුදා දින සිට ඉන්ධන හිඟයක් රට තුළ ඇතිවණු ඇති බවද හෙතෙම කියා සිටියේය.

තෙල් බෙදා හරින්න සඳහා ලබා දී ඇති සියයට තුනක කොමිස් මුදල ඉවත් කර නව සූත්‍රයක් හඳුන්වාදීමට ඛනිජ තෙල් සංස්ථාව ගත් තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කළ ද සාධනීය ප්‍රතිචාරයක් නොලැබුනු තැන මෙම ක්‍රියා මාර්ගය හැර වෙනත් විකල්පයක් ඉතුරු නොවූ බවද ඔහු කියා සිටී.

කෙසේ වෙතත් මෙම තත්වය සදහා මැදිහත් වන්නැයි ජනාධිපති ඇතුළු සියළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු තව දුරටත් පැවසුවේය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදි.

Related posts

උතුරු මුහුදේ ධීවර ගැටුම් දරුණු වේ.. ඉන්දීය යාත්‍රාවකින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්….

Shiran Viraj

මැතිවරණය පවත්වන දිනය මැ.කො. සභාපති හෙලි කරයි…

Shiran Viraj

විමල් වීරවංශ කැබිනට් ඇමතිවරයෙක් ලෙස දිවුරයි

Shiran Viraj
Translate »