28.4 C
Colombo
2026-09-10
mediahumanrights.lk
Local NewsNews

ඇල්ල වන රක්ෂිතයේ මහා ගින්නක්.. වේගයෙන් පැතිරේ.. නිවන්න අසීරුයි..

ඊයේ පස්වරුයේ සිට බදුල්ල ඇල්ල ප්‍රදේශයේ රොක්කන්ද වන රක්ෂිතය හදිසි ගිනිගැනීමක් ඇති වී තිබේ.

දැනට මේ හේතුවෙන් අක්කර පනහක පමණ කොටසක් විනාශ වී ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

පවතින දැඩි සුළං තත්ත්වය නිසා ගින්න තවදුරටත් පැතිරෙමින් පවතී.

පොලිසිය සඳහන් කරන්නේ දැඩි වියලි කාලගුණ තත්ත්වය මත කිසිවකු හිතාමතා ගිනි තබන්නට ඇති බවයි.

ගිනි නිවීම සඳහා හමුදා බට පිරිස්, වනජීවී නිලධාරීන්, ආපදා නිලධාරින් එක්ව දැඩි වෙහෙසක් ගනිමින් සිටී.

කෙසේ වෙතත් ගින්න වේගයෙන් පැතිර යමින් පවතින අතර එම ස්ථානයන්ට ළගා වීමට ද අපහසු වී තිබේ.

Related posts

ඉල්ලා අස්වූ අමාත්‍යධුරවල විග්නේෂ්වරන් දිවුරුම්දීමට සූදානම්

Shiran Viraj

ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි

Shiran Viraj

රජරට රැජිණ පිලී පනී- දුම්රිය ධාවනය අනුරාධපුරය දක්වා සීමා වෙයි

Shiran Viraj
Translate »