mediahumanrights.lk
Local NewsNews

අධිකරණයෙන් අපුරු දඩුවමක්….

හැටන් නගරයේ මත්ස්‍ය වෙලදසැලකින් ඉවත් කරන අපද්‍රව්‍ය පැරණි හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ඇළ මාර්ගයකට මුදා හැරි ලොරි රථයක් රියදුරු සහ රිය සහයකයා හැටන් පොලිසියේ නිලධාරින් විසින් (05) දින අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

අධිකරණය වෙත ඉදිරිපත් කල සැකකරුවන් දෙදෙනා  අධිකරණය හමුවේ වරද පිලිගත් නිසා චුදිතයන් දෙදෙනා (06) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ අධික්ෂණය යටතේ (06) චුදිතයන් අපද්‍රව්‍ය බැහැර කල ස්ථානය  ඔවුන් විසින්ම සුද්ද පවිත්‍ර කරන ලෙසට හැටන් මහෙස්ත්‍රාත් එම්.ෆරුක්ඩින් මහතා නියෝග කළේය.

චුදිතයන් දෙදෙනා අපද්‍රව්‍ය ප්‍රවාහනය කල ලොරි රථය බැදුම්කරයක් මත මුදා හැරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.

ක්ලින් ශ්‍රි ලංකා වැඩසටහන (05) දින හැටන් නගරයේ සිදු කල අවස්තාවේ චුදිතයන් දෙදෙනා ලොරි රථයකින් ඉවතලන මත්ස්‍ය අපද්‍රව්‍ය රැගෙන ගොස් පැරණි හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට බැහැර කරමින් සිටි අවස්තාවේ වටවල පොලිසියේ නිලධාරින් එය දැක සැකකරුවන් අත්අඩංගුවට ගෙන හැටන් පොලිසිය වෙත භාර දි ඇත.

හැටන් දික්ඔය නගර සභා සිමාවේ අවිධිමත් ලෙස මෙවැනි ආකාරයට කැලි කසල බැහැර කරන පුද්ගලයන් සහ බුලත් කෙල ගසන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරිවරයා උපදෙස් ලබා දි ඇත.

Related posts

අද තරගයේදී කණ්ඩායම් දෙකම දැඩි පීඩනයෙන්

Shiran Viraj

රජවාස ජනපති අතින් විවෘත කරයි…

Shiran Viraj

නායකයා තරගය දිනවයි.. ලෝක ශූරයන් පරදවයි..

Shiran Viraj
Translate »