mediahumanrights.lk
Local News News

පොලිස් ස්ථානාධිපතිලා 139ක් මාරු කරයි..

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස් ස්ථාන 139 ක් සඳහා පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම, මාරු කිරීම සිදු කර ඇති අතර සේවයේ අවශ්‍යතාවය මතවැඩබලන පොලිස්පතිතුමා විසින් මෙම ස්ථාන මාරුවීම් ලබා දීමට කටයුතු කර ඇත.

ඒ අනුව නව පත්කිරීම් 50ක්ද, ස්ථානාධිපති තනතුර අතර ස්ථාන මරුකිරීම් 36ක්ද, ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරී සඳහා මාරු කිරීම් 53ක්ද, වශයෙන් සිදු කර ඇති අතර කැලණිය කොට්ඨාසයේ රාජකාරී සිදු කල කාන්තා ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.එම්.අයි.කේ සමරකෝන් නිලධාරිණිය එම කොට්ඨාසයේ සිට දුන්ගල්පිටිය පොලිස් ස්ථානාධිපතිනිය ලෙස පත් කිරීමට කටයුතු කර ඇත.

මෙම ස්ථාන මාරුවීම් 2025.02.13 දිනට හා 2025.02.18 වන දිනට කාණ්ඩ දෙකක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියෝග කර ඇත.

Related posts

ප‍්‍රසිද්ද පාසලක Zoom මගින් උගන්වද්දී ගුරුවරියටත්, සිසුන්ටත් අසභ්‍ය විිඩියෝ හා පින්තූර එවලා..

Shiran Viraj

මියන්මාරයේ රෝහින්ග්‍යාවරුන්ට ලංකාවෙන් උත්තරයක්

Shiran Viraj

චීන කාබනික පොහොර සමාගම ශ‍්‍රී ලංකාව ගැන එක්සත් ජාතීන්ට පැමිණිලි කරයි..

Shiran Viraj