mediahumanrights.lk
Local News News

වෑන් රථයක් හොරකම් කර සගවාගනී..

මස්කෙලිය ප්‍රාදේශිය සභාව අසල ගාල් කර තිබු ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයක් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් සොරාගෙන ගොස් වව්නියාව මල්ලාවි ප්‍රදේශයේ නිවසක සගවා තිබියදි හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් සොයාගෙන ඇත.

මස්කෙලිය ප්‍රදේශයේ පිහිටි නිවසකට ඥාතින් පිරිසක් රැගෙන පැමිණ ඇති වෑන් රථය මස්කෙලිය ප්‍රාදේශිය සභාව ඉදිරිපිට ගාල් කර තිබියදි ඉකුත් (08) දින රාත්‍රියේ වෑන් රථය අතුරුදහන් වි ඇති බවට වෑන් රථයේ හිමිකරු විසින් මස්කෙලිය පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

හැටන් පොලිස් අධිකාරි ප්‍රදිප් විරසේකර මහතාගේ උපදෙස් මත වෑන් රථය සම්බන්ධයෙන් විමර්ෂණ ආරම්භ කල හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් වෑන් රථය සොරාගත් රත්නපුර ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරු සැකපිට අත්අඩංගුවට ගෙන සිදු කල විමර්ෂණයකදි වෑන් රථය කැබලි කර විකිණිමට හෝ වෑන් රථය විකිණිම සදහා වව්නියාව මල්ලාවි ප්‍රදේශයට රැගෙන ගොස් නිවසක සගවා තිබු බවට අනාවරණය වි ඇත.

ඒ අනුව හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් එම ප්‍රදේශයට ගොස් වෑන් රථය සොයාගෙන සොරකමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු තවත් වාහන මෙවැනි ආකාරයට සොරාගෙන ඇති බවට සැකකරන නිසා ඒ පිලිබදව පුළුල් විමර්ෂණය ආරම්භ කර ඇත.

Related posts

ඉඩම් ඉල්ලන නියෝජිතයන් ගෙන් මහියංගණයේ නිලධාරීන් පිරිසකට සාදයක්

Shiran Viraj

සංචාරකයෙකු කොළඹ වටේ ගෙනියන්න ත‍්‍රිවිලයක් ලක්‍ෂ එකහමාරක් අය කරලා..

Shiran Viraj

පාසලක් අසල කාලතුවක්කු ගබඩාවක් හමුවෙයි…

Shiran Viraj