27.2 C
Colombo
2025-12-17
mediahumanrights.lk
NewsPolitical

අනුර කියන්නෙම මෝඩ කතා.. ඒ වගේ මෝඩයෝ රට පිළිගන්නෑ..

‘අනුර දිසානායක මෝඩ කතා කියන්නේ. ඒ වගේ මෝඩයෝ මේ රටේ පිළිගන්නේ නෑ’ යයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයන් ඒකරාශී කළ හැකි වාමාංශික කදවුර වන්නේ පොදුජන එක්සත් නිදහස් පෙරමුණ බවයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව කියා සිටියේ “පුළුවන් ශ්‍රී ලංකා” බියගම ආසනයේ කාන්තා සමුළුවට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීව නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මෙම කාන්තා සමුළුව සංවිධානය කර තිබූ අතර එය දෙල්ගොඩ ටැමරින් උත්සව ශාලාවේදී පැවැත්විණ.

මෙහිදී ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ ආර්ථික අර්බුදයක් තිබු රටක අද වනවිට ඩොලර් බිලියන 07ක සංචිතයක් තිබෙන බවයි.

එහිදී මාධ්‍යවේදීන් නෑගූ ප්‍රශ්න හා ඇමතිවරයා ලබා දුන් පිළිතුරු මෙසේය,

ප්‍රශ්නය – ඔබතුමන්ලාගේ මැතිවරණ ජයග්‍රහණය කොහොමද?

පිළිතුර – මුළු රටම රනිල්ට හැරෙන විදිය ඔබට පේනවා ඇති. මේ රට තිබුණ තත්ත්වය කොහොමද මේ රට ගොඩගන්න පුළුවන් කොහොමද කියන එක බුද්ධිමත් ජනතාව දන්නවා. බොරු කියන මිනිස්සුන්ට මේ රටේ තැනක් නෑ. ඒ නිසා තමයි සියළු දෙනා එකතු වෙලා රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්ව කටයුතු කරන්නේ.

ප්‍රශ්නය – පසුගියදා තැපැල් ඡන්දය තිබුණා. ජයග්‍රහණය සම්බන්ධයෙන් මොකක්ද කියන්න තියෙන්නේ.

පිළිතුර – පැවැති තැපැල් ඡන්දයේ වැඩි වාසිය රනිල් වික්‍රමසිංහ මහත්තයාට තියෙනවා. පසුගිය කාලේ කොවිඩ් වසංගතයක් තිබුණා, ආර්ථික අර්බුදයක් තිබුණා. ඒත් අපි කිසිදු රාජ්‍ය සේවකයෙක් ඉවත් කළේ නෑ. ඒ වගේම රාජ්‍ය සේවකයින්ගේ දීමනාව වැඩි කරන්න අවශ්‍ය පසුබිම නිර්මාණය වුණා. එදා අපිට තෙල්ටික, ගෑස් ටික ගන්න ඩොලර් මිලියන 20ක් හොයා ගන්න බැරි වුණා. අපිට අද වනවිට ඩොලර් බිලියන 07ක සංචිතයක් ඇති කරන්න පුළුවන් වුණ නිසා තමයි IMF එක පවා එකඟ වෙන්නේ රාජ්‍ය සේවකයින්ගේ දීමනාව වැඩි කරන්න. වැටුප් මත තිබෙන බද්ධ අඩු කරන්න IMF සාකච්ඡා කරන්න පවා එකඟ වුණේ ඒ නිසයි. රනිල් වික්‍රමසිංහ මහතා නිසි පරිදි ආර්ථිකය කළමනාකරණය කළා.

ප්‍රශ්නය – ඔබතුමන්ලාගේ ප්‍රභලයෙක් ඊයේ ස්වාධීන වුණා. ඔබතුමන්ලත් කියන්නේ සජිත් ප්‍රේමදාස සමඟ එකතු විය යුතුයි කියලදමොකක්ද අලුත් සංකල්පය.

පිළිතුර – එතුමා ස්වාධීන වුණ කාරණාව වෙනම දෙයක්. හැබැයි එතුමා දේශපාලන වැඩවලට තාම එනවා. හැමෝම බලන් හිටියා එහෙම දෙයක් වෙයි කියලා. එතුමා ඒ එතූමාගේ දේශපාලන ස්ථාවරය ගත්තේ පොහොට්ටුවෙන් හිටපු එකෙන් අයින් වුණේ. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට උදව් කරනවා කියන ස්ථාවරයේ තමයි එතුමා ඉන්නේ.

ප්‍රශ්නය – සජබ වේදිකාවේ කියනවා රනිල් වික්‍රමසිංහ හා අනුර කුමාර අතර මොකක්ද ඩීල් එකක් තියෙනවා කියලා.

පිළිතුර  – අපි අද ගණුදෙනු කරන්නේ මේ රටේ ජනතාවත් එක්ක. අද සමහර කණ්ඩායම් ඉදිරිපත් වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාව ජයග්‍රහණය නැති කරන්නයි. දැන් එය පරාජය කරමින් ඉන්නේ. අපි අපේ ජයග්‍රහණය කරා යමින් තිබෙනවා. අනිත් පක්ෂ තම තමන්ගේ දේවල් බලා ගන්න ඕනේ.

ප්‍රශ්නය – නාමල් රාජපක්ෂ සැලුන් දොර වහපු නිසාද අලුත් පක්ෂයක් නිර්මාණය කළේ?

පිළිතුර – ඒ අය සැලුන් දොර වහපු බවක් නම් දන්නේ නෑ. රටේ ජනතාව පිළිගන්න තැනකට යන්න ඕනේ. අද පොහොට්ටුව ගැන රටේ ජනතාව කළ කිරිලා තියෙනවා. ඒකෙ නායකයෝ ගැන විශ්වාසයක් නැති වෙලා තියෙනවා. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයන් ඒකරාශී කළ හැකි වාමාංශික කදවුර වටා තමයි අපි එකතු වෙන්නේ.

ප්‍රශ්නය – වසන්ත සමරසිංහ සහ තවත් අය සමඟ යම් චෝදනාවක් මාධ්‍ය හරහා ඉදිරිපත් කරනවා. ඒ සම්බන්ධයෙන් මොකක්ද හරි කියන්න තියෙනවද?

පිළිතුර – 88/89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණ කළ විනාශයමයි 2022 වසෙර් කලෙත්. ඔවුන්ට මේ තරම් වියදම් කරන්න සල්ලි කොහෙන්ද? යට කලිසමේ හිල්නම් ඒකක් ගන්න බැරි අය මේවාට කොහොමද සල්ලි වියදම් කරන්නේ. ඔවුන් අද මහා පරිමාණයෙන් කටවුට් ගහනවා. බුද්ධිමත් මිනිස්සු ඒ ගැන කල්පනා කරනවා. මිනිස්සු රවට්ටන්න බෑ.

ප්‍රශ්නය – අනිත් අපේක්ෂකයෝ ගොඩක් දේවල් දෙනවා කියනවා?

පිළිතුර – අනුර කුමාර දිසානායක දේශපාලනයේ දෙන්නේ පොරොන්දු විතරයි. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා. අනිත් අය පොරොන්දු දෙනකොට රනිල් වික්‍රමසිංහ මහතා ඒ දේවල් කරලා ඉවරයි. සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර යන දෙදෙනාම අද මිනිස්සු විහිලුවට ලක් කරලා තියෙන්නේ.

ප්‍රශ්නය – පොරොන්දු දේශපාලනය ඔබතුමන්ලාට කරන්න පුළුවන්ද?

පිළිතුර – අනුර කුමාර දිසානායක මහත්තයලා බොරුම කියලා මිනිස්සු නොමඟ හැරියා. එතුමන්ලා මේ රටේ ඊර්ෂියාව, වෛරය ඇති කළානේ. අනුර කුමාර ඊයේ පෙරේදා කියලා තිබුණා ප්‍රසන්න රණතුංගගේ බෑණා ඉන්නවලු වෝටර්ස් ඒජ් එකේ කියලා. මහ මෝඩ කතා ඒවා. මගේ බෑණා කෙනෙක් නෑ වෝටර්ස් ඒජ් එකේ. බැරිවෙලාවත් ආණ්ඩුවෙන් කාන්තාවන් දෙන්නෙක් ඔය දෙකට දාලා තිබුණා නම් එයා කියයි පුංචි අම්මලා දෙන්නෙක් තියන් හිටියා කියලා. අපේ පවුලේ හය දෙනෙක් ගැන කතා කරනවා. එයා එයාගේ අම්මටයි තාත්තටයි බනින්න ඕනේ දරුවෝ හය දෙනෙක් හැදුවේ නැත්තේ ඇයි කියලා. අපේ තාත්තලා හැදුවා. මට බෑණලා ඒ ගැන කතා කරන එතුමා බලන්න ඕනේ එයාලගේ තාත්තලා හැදුවේ නැත්නම් එයා පුංචි අම්මට කතා කරලා කියන්න ඕනේ අපි හය දෙනෙක් හදමු කියලා. එතුමා මෝඩ කතා කියන්නේ. ඒ වගේ මෝඩයෝ මේ රටේ පිළිගන්නේ නෑ.

– විජයානන්ද හේරත්

Related posts

2026 T20 ලෝක කුසලානයට පෙර එංගලන්තය ශ්‍රී ලංකා සංචාරයකට

Shiran Viraj

පන්සල් 50කට පහර දෙන්න සූදානමක්..තොරතුරු මා සතුයි- ඥාණසාර හිමි

Shiran Viraj

කමිටු නිර්දේශ එයි – 20ට අලුත් ගැසට්ටුවක් නැත – සංශෝධන ලෙස පාර්ලිමේන්තුවට

Shiran Viraj
Translate »