mediahumanrights.lk
NewsSportsSports News

ජය පූනේ සුපර් ජයන්ට් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමටයි

ඉන්දීය ප්රිමමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය යටතේ ඊයේ (1)පැවති තවත් තරඟ දෙකකින් ජයගැනීමට රයිසින් පූනේ සුපර් ජයන්ට් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් සමත්ව තිබේ.
ඒ අනුව ගුජරාට් ලයන්ස් කණ්ඩායම සමඟ පැවති තරඟයෙන් කඩුලු පහක ජයක් හිමිකර ගැනීමට පුනේ කණ්ඩායම සමත් විය.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 161ක් ලබාගත් අතර පුනේ කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් තුළ කඩුලු පහක් දැවී එම ඉලක්කය පසු කළේය.
පුනේ ඉනිම වෙනුවෙන් බෙන් ස්ටොක් නොදැවී ලකුණු 103යි.
මේ අතර රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම සමඟ පැවති තරගයෙන් කඩුලු පහක ජයක් හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බැංග්ලෝර් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 161ක් ලබාගත්තේය.
ඊට පිළිතුරු ලෙස මුම්බායි කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් තුළ කඩුලු පහක් දැවී එම ඉලක්කය පසු කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

චීන ජාතිකයින් නේවාසිකව රැඳි සිටි ගොඩනැඟිල්ලක් ගිනි ගනියි

Shiran Viraj

කොරෝනා මරණ භූමදාන කිරීමේ අවසන් තීන්දුව විශේෂඥ කමිටුව අතේ

Shiran Viraj

ලෝකයේ ඉහලම මරණ අනුපාතය ලංකාවේ.. සෑම ගමක්ම කොරෝනා මලගමක්.. සති දෙකක් රට වැසිය යුතුයි…

Shiran Viraj
Translate »