28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
BusinessBusiness NewsNews

විදුලි ගාස්තු ඉහලට…

විදුලි ගාස්තු ඉහළ දැමීම මේ මස අවසානයේ සිට ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දීමේ හැකියාව ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය.

විදුලිය ගාස්තු ඉහල දැමීමට විදුලිබල මණ්ඩලය කර ඇති ඉල්ලීමට අනුව එම අනුමැතිය ලබා දෙනු ඇති බවත් අනුමැතිය ලැබෙන දින සිට විදුලි ගාස්තු වැඩි වනු ඇති බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත් මහජන උපයෝගිතා පනත අනුව ජනතා අදහස් දැන ගැනීමට දින 21 ක කාලයක් ද ඇති නිසා ජනතාවගේ අදහස් දැනගැනීමට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ එළැඹෙන 18 වැනිදා සිට සියලූ කටයුතු සූදානම් කර ඇති බවත් ඉන් පසුව අනුමැතිය දීම හෝ නොදීම පිළිබඳව තීරණය කළ හැකි බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

Related posts

හරක් කටාගෙන් කෝටි ගණනින් අල්ලස් ගත් දේශපාලනඥයන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන්ට එරෙහිව දැඩි විමර්ශන

Shiran Viraj

මදූෂ්ගේ ප්‍රධානතම වෙඩික්කරුගේ නිවස වටලයි – නිවසේ තිබී ප්‍රධාන කොල්ලයක සාක්ෂිත් හමුවෙලා

Shiran Viraj

55 පැන්නොත් ජනාධිපතිවරණය තරග කරන්න බෑ.. අලුත් ව්‍යවස්ථාවෙන් නීතියක්.. එන ජනාධිපතිවරණට සජිත්ට බෑ..

Shiran Viraj
Translate »