28.4 C
Colombo
2026-07-11
mediahumanrights.lk
NewsPolitical

මට පාර්ලිමේන්තු මන්ත්‍රීකම ආපසු ඕනෑ…- නගරාධිපති වෙන්න අස්වූ මුජිබුර්

ඉල්ලා අස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය තමන්ට යළි ලබා දෙන්නැයි ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාමට තීරණය කර තිබේ.

ඒ අනුව තමන්ට එම මන්ත්‍රී ධුරය යළි ලබා දෙන්නැයි ඉල්ලමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන බව ද හෙතෙම පැවසීය.

මේ වන විට තමන් ඒ පිළිබඳව නීතිඥයන් සමග සාකච්ඡා කරමින් සිටින බව ද පැවසූ ඔහු මුදල් ඇමති, මැතිවරණ කොමිසම, මුදල් අමාත්‍යංශ ලේකම් සහ නීතිපති එහි වගඋත්තරකරුවන් ලෙස නම් කරන බවද පැවසීය.

තමන් මන්ත‍්‍රී ධුරයෙන් ඉවත් වූයේ මැතිවරණය පවත්වන බවට මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත්කර කරන ලද නිසා බවත් ඊට තමන්ගෙන් ඇප මුදලක් ද ලබා ගෙන ඇති බවත් ඔහු කියා සිටියි.

මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් වූ රජයේ සේවකයන්ට එම සේවය නැතිවීම හේතුවෙන් කරුණු දැක්වීමෙන් පසු ඔවුන්ට රැකියාවත් වැටුපත් ලබා දීමට ආණ්ඩුව කටයුතු කර ඇත්තේ නම් තමාට ද එම මන්ත‍්‍රී ධුරය යළි ලබා දීමට කටයුතු කල යුතු බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Related posts

ලංකාවට GSP+ද අහිමි වෙයි…?

Shiran Viraj

ඩේල් ස්ටේන්ට එංගලන්ත සංචාරය අහිමි වෙයි

Shiran Viraj

මංගලගේ හාදුව ගැන රවී කතාකරයි

Shiran Viraj
Translate »