mediahumanrights.lk
NewsPolitical

රහස් පොලිසිය ගෝටාභයගෙන් ප‍්‍රශ්ණ කරන්න යයි.. අල්ලස් චෝදනාවක්…

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නැයි අධිකරණය විසින් පොලිසියට නියෝග කර ඇත.

ජනාධිපති මන්දිරයේ දී 178 ලක්ෂයක මුදලක් අරගල කරුවන් විසින් සොයා ගැනීමේ සිදු වීමට අදාලව මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙම මුදල හිටපු ජනාධිපතිවරයාගේ නිදන කාමරය තිබී හමුවූ බවත් එය අල්ලස් මුදලක්ද නැතිනම් වෙනත් කාරණයක් සඳහා ලැබූවක්දැයි සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලෙසත් අධිකරණය හමුවේ කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිටිනා නිවසට ගොස් අදාළ ප්‍රකාශය ලබා ගන්නා ලෙසද කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් පොලිසියට නියෝග කරමින් දැනුම් දී ඇත.

Related posts

මා බූස්ටර එන්නත ගත්තේ නැති නිසා කොරෝනා හැදුනා..- ආසාදිත රාජ්‍ය ඇමතිගෙන් රටට පණිවුඩයක්..

Shiran Viraj

රාජිත ආණ්ඩුවට.. අයවැයට පෙර ඇමතිකමක්…

Shiran Viraj

චන්ද්‍රිකා කුණු වෙච්ච පුඩිමක්-ගම්මන්පිල

Shiran Viraj
Translate »