2026-09-04
mediahumanrights.lk
Local NewsNews

තෙල් නෑ.. පෝලිමේ ඉන්න එපා.. නැවු එන දිනයක් කියන්න බෑ..- රජය නිල වශයෙන් දැනුම් දේ…

මුදල් ගෙවීමට නියමිත වෙලාවට සිදු කිරීමට නොහැකිවීමෙන් මෙම සතියේ මෙරටට නැව්ගත කිරීමට නියමිතව තිබූ පෙට්‍රල් ඩීසල් සහ බොරතෙල් නෞකා ප්‍රමාද වනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යා කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තමන්ට මේ බව දන්වා ඇතැයිද පවසන ඔහු මීළඟ ඉන්ධන නැවු පැමිණීමේ දිනයන් සදහන් කිරීමට නොහැකි බවත් පවසයි.

ඒ අනුව මීළඟ බොරතෙල් නැව පැමිණෙන තෙක් පිරිපහදුව සපුගස්කන්ද පිරිපහදුව තාවකාලිකව වසා දමන බවත් හෙතෙම කියා සිටියි.

මීළඟ ඉන්ධන නැව පැමිණි වහාම විදුලි බල උත්පාදනය සහ කර්මාන්ත සඳහා ප්‍රමුඛත්වය දෙන බවත් සීමිත ඉන්ධන තොග ලබන සතිය පුරා සීමිත ස්ථාන වෙත බෙදා හරින බවත් ඔහු පවසයි.

ඒ හේතුවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිම් වල රැඳී සිටීමෙන් වලකින ලෙසද ඔහු ජනතාවට දැනුම් දෙයි.

Related posts

කොරෝනා ආසාදිතයින් ගණන 666 ක් දක්වා ඉහළට

Shiran Viraj

චූලක්‌ෂි කම්මැලි නැතිලු…

Shiran Viraj

නර්තනයෙන් දෙයක් කරන්න කැමැතියි මේනක රාජපක්ෂ

Shiran Viraj
Translate »