28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNews

පෙට්ට්‍රල් 19කින්, ඩීසල් 52කින් මිල වැඩි කල යුතුයි.. නැතොත් ඉන්ධන ගේන්න සල්ලි නෑ..- ගම්මන්පිල..

වහාම ඉන්ධන මිල වැඩි කිරීමක් නොකළ හොත් ඉන්ධන මිලදී ගැනීම සඳහා මුදල් නැතිවන බව බලශක්ති අමාත්‍ය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

අද වන විට පෙට්ට්‍රල් ලීටරයකින් රුපියල් 19ක්, ඩීසල් ලීටරයකින් රුපියල් 52ක්, සුපිරි ඩීසල් ලීටරයකින් රුපියල් 35ක් සංස්ථාව පාඩු ලබමින් සිටින බව ද හෙතෙම පැවසීය.

එම පාඩුව කොහෙන් හෝ පියවිය යුතු බවත් භාණ්ඩාගාරයෙන් මෙය සහනාධාරයක් ලෙස ලබා නොදෙන්නේ නම් අදාල පාඩු ලබන ගණන්වලින් ඉන්ධන මිල වැඩි කල යුතුව ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.

Related posts

ලබන වසරේ සිට පොලිස් මාරු වීම් නව ක්‍රමවේදයකට

Shiran Viraj

ජනාධිපති තාත්තා කියවූ අගමැති කියන කතාව

Shiran Viraj

එජාප කුමන්ත්‍රණයක් ගැන එස්.බී කියයි

Shiran Viraj
Translate »