2026-09-17
mediahumanrights.lk
NewsSportsSports News

මාලිංගගේ ආගමනයෙන් මුම්බායි ඉන්දියන්ස් ජය ලබයි

මෙවර IPL ක‍්‍රිකට් තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (09) රාත‍්‍රියේ සමත් වුණා.
ඔවුන් හමුවේ පරාජය වූයේ සුපිරි බොලිවුඞ් නළු ශාරුක් ඛාන් හිමිකාරීත්වය දරණ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.
ලසිත් මාලිංග ද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් මෙම තරගයට ක‍්‍රීඩා කළ අතර ඔහු එහිදී ලකුණු 36 කට කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු හතක් දැවී ලකුණු 178 ක් රැස් කළා.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම එම ඉලක්කය හඹා යමින් තරගයේ ජය වාර්තා කළේ ඉණිමේ එක් පන්දුවක් ඉතිරිව තිබියදීයි. බිඳ වැටුණු කඩුලු සංඛ්‍යාව 06ක්.
මහේල ජයවර්ධනගේ පුහුණුව යටතේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වාර්තා කළ පළමු ජයග‍්‍රහණය ද මෙයයි. මෙම තරගය මුම්බායිහි වන්කඬේ ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.
මීට පෙර මුම්බායි ඉන්දියන්ස් පිළ IPL තරගාවලියේ එක් තරගයක් ක්‍රීඩා කළ අතර එම තරගය පරාජයට පත් වුණා. එම තරගය සඳහා ලසිත් මාලිංග එක්ව සිටියේ නැහැ.

Related posts

මෙරට තොරතුරු තාක්ෂණ කර්මාන්තයට චීන වෙළෙඳපොළ විවෘත කරයි..

Shiran Viraj

මේ දවස් වල මොකද කරන්නේ? මංජුල වැල්ලවත්ත

Shiran Viraj

දෙහිවල සත්තු වත්තේ සිංහයෙකුට කොරෝනා.. හිපපොටේමස් හා සීබ‍්‍රාවෙකුත් මිය යයි..

Shiran Viraj
Translate »