mediahumanrights.lk
Local News News

රටවල් දෙකක් බෑ කිවූ නැවක් අප බාරගත්තේ ඇයි… එය වරදක්.. අයක යන ලෙඩක් දාගෙන මුහුදු තීරයම ඉවරයි..- දයාසිරි

ගැටලූ සහගත තත්වයක් ඇති නැවක් මෙරට මුහුදු තීරයට ගෙන ඒම වරදක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මහ ලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

මෙම කටයුත්තේදී වරාය අධිකාරිය අනවශ්‍ය ප්‍රශ්නයක් ඇඟේ දමා ගැනීමක් පෙනෙන්නට ඇතැයිද ඔහු පැවසීය.

වෙනත් රටවල වරායන් විසින් ප්‍රතික්ෂේප කරන ලද නෞකාවක් මෙසේ ගෙන්වූයේ කුමන හේතුවකටදැයි ඒ මහතා ප්‍රශ්න කරයි.

නෞකාව ගිනි ගැනීම හේතුවෙන් මෙරටට අයත් මුහුදු තීරය සම්පූර්ණයෙන්ම විනාශ වන තත්ත්වයකට පත්ව ඇතැයිද ඇමැතිවරයා කියා සිටියි.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

Related posts

හමුදා සේවය හැර ගිය 1300 ක් අත්අඩංගුවට

Shiran Viraj

එන පොට හොද නෑ.. ඩෙල්ටා දරුවන් අතර වේගයෙන් පැතිරෙනවා.. රෝහල් නෑ..- රිජ්වේ රෝහලෙන් රටට කියයි..

Shiran Viraj

කොවිඩ් ආසාදනය වූ ගම්පහ ප්‍රදේශයේ ඇතැම් ආසාදිතයින් රෝහල්වලට යාම ප්‍රතික්ෂේප කරනවා – සෞඛ්‍ය ඇමතිනිය

Shiran Viraj