2026-07-07
mediahumanrights.lk
Local NewsNews

විදුළි සේවකයින් අද මැදියම් රැයේ සිට වැඩවර්ජනයක

විදුළි සේවකයින් අද (05) මධ්‍යම රාත‍්‍රීයේ සිට වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.
මධ්‍යම රාත‍්‍රී 12 ට ආරම්භවන වැඩ වර්ජනය හෙට මධ්‍යම රාත‍්‍රී 12 දක්වා සිදු කිරීමටයි තීරණය කර ඇත්තේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් ප‍්‍රකාශ කළේ වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම සංකේත වැඩවර්ජනය ක‍්‍රියාත්මක කරන බවයි.
ඒ සඳහා වෘත්තීය සමිති තිස් දෙකක සාමාජිකයින් එක් වන බව ද ඔහු කියා සිටියා.
මේ හේතුවෙන් විදුළි සැපයුමට බාධාවක් එල්ල විය හැකි බවයි වැඩ වර්ජනයට එක්වන වෘත්තීය සමිති වැඩිදුරටත් සඳහන් කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

බතික් ඇමතිකම් හදලා අපව විහිළුකාරයන් කලේ බැසිල්..- දයාසිරිගෙන් බැසිල්ට සැර පහරක්..

Shiran Viraj

සමාජ ජාලා වාරණය ඉවත් කෙරේ…

Shiran Viraj

පාකිස්ථානු ක්‍රීඩක අෆ්රිඩි රූපවාහිනී වැඩසටහනකදී ලැජ්ජාවට පත් වූ හැටි -Video

Shiran Viraj
Translate »