mediahumanrights.lk
Local NewsNews

මුස්ලිම් ජාතික කොරෝනා මෘතදේහ භූමදානයට තලෙයිමන්නරාම දුපත යෝජනා වෙයි…

කොරෝනා ආසාදනය වීමෙන් මරණයට පත් වන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ තලෙයිමන්නාරම දූපතේ භූමදානය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍යය අමාත්‍යංශයේ කමිටුව අවසන් නිර්දේශ ලැබීමෙන් පසු තීන්දුවක් ගැනීමට නියමිතය ද එහි දැක්වේ.

පසුගිය සතියේ පැවති කැබිනට් සාකච්ඡාවේදී මේ ගැන සාකච්ඡා කළ විට කැබිනට් ඇමතිවරු බොහෝ දෙනකු එම යෝජනාවට එකඟ වූ බවද එම වාර්තාවේ සදහන්ය.

මුස්ලිම් ජාතිකයන් කොරෝනා ආසාදනයෙන් මිය ගිය පසු ඔවුන්ගේ මෘතදේහ කොළඹ ප්‍රධාන මුස්ලිම් සුසාන භූමියේ භූමිදානය කිරීමට මුලින් යෝජනාවක් ඉදිරිපත් වී තිබුනද අවදානමක් ඇති බව පෙන්වා දෙමින් බොහෝ ඇමැතිවරුන් ඊට අකමැත්ත පළ කිරීම මත යෝජනාව ප්‍රතික්ෂේප වී ඇතැයිද දැක්වේ.

තලෙයිමන්නාරම ප්‍රධාන වශයෙන් වියලි භූමියක් සහිත දූපතක් නිසා එය සලකා බැලිය හැකි යෝජනාවක් ලෙස සලකා ඇතැයිද තව දුරටත් සදහන්ය.

lankacnews

Related posts

රජයේ ඉන්ධන පිරවුම්හල් විදේශ සමාගම්වලට..?

Shiran Viraj

මහනුවර හෝටලයක පිහිනුම් තටාකයේ ගිලී පුද්ගලයෙක් මරුට

Shiran Viraj

විදුලිබල මණ්ඩලයත් වැඩ වරන්න සැරසෙයි

Shiran Viraj
Translate »