2026-09-02
mediahumanrights.lk
NewsPolitical

55 පැන්නොත් ජනාධිපතිවරණය තරග කරන්න බෑ.. අලුත් ව්‍යවස්ථාවෙන් නීතියක්.. එන ජනාධිපතිවරණට සජිත්ට බෑ..

ඉදිරියේදී ගෙන ඒමට සූදානම් වන නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරණයට තරග වැදීම සදහා වයස අවුරුදු 55 න් නොඉක්මවිය යුතු බවට වගන්තියක් ඇතුළත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.

අද අරුණ පුවත්පත වාර්තා කර ඇත්තේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම උපරිම වයස් සීමාව අවුරුදු 55 ක් ලෙස නිශ්චිත කිරීමට යෝජනා වී ඇති බවයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි අවම වයස් සීමාව අවුරුදු 30 නොවෙනස්ව පවතිනු ඇතැයිද සඳහන්ය.

මේ සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු තම සමාජ ජාල ගිණුමේ සටහන් කර ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මීළඟ ජනාධිපතිවරණයේදී වයස අවුරුදු 55 ඉක්මවන නිසා ඔහුට බිය වී ඔහු ජනාධිපතිවරනයෙන් ඉවත් කිරීමේ අභිලාෂයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි.

lankacnews

Related posts

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු රාජ්‍යය බිඳවැට්ටවීමේ කුමන්ත්‍රණයක් බව උදය ගම්මන්පිල පවසයි

Shiran Viraj

ලොව පුරා පැතිර යන පරිගණක වෛරසයෙන් ආරක්ෂා වන්න උපදෙස්

Shiran Viraj

කොළඹ, ජම්පටා වීදියේ වෙඩි තැබීමක්

Shiran Viraj
Translate »