26.1 C
Colombo
2026-09-18
mediahumanrights.lk
Local NewsNews

විරෝධාතා නොතකයි… මිලින්ද ඉන්දියානු මහකොමසාරිස් ලෙස පත්වෙයි

නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ලෙස නම් කළ නිලධාරීන් 08 දෙනෙකු එම ධුර සඳහා පත් කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අද පස්වරුවේ සිය අනුමැතිය ලබා දුන්නේ ය.

ඒ අනුව ,

සී. ඒ චන්ද්‍රප්‍රේම මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතයා ලෙස,

මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස,

රවිනාථ ආරියසිංහ මහතා ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස,

එස්.අමරසේකර මහතා දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස,

විශ්‍රාමික අද්මිරාල් කේ.කේ.වී.පී හරිස්චන්ද්‍ර සිල්වා මහතා ඇෆ්ගනිස්තාන ජන රජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස,

විශ්‍රාමාල් සංජිව් ගුණසේකර මහතා ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස,

මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස,

ආචාර්ය පාලිත කොහොන මහතා චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසත්, පත් කිරීමට අපාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභා අනුමැතිය ලබා දී තිබේ.

මිලින්ද මොරගොඩ මහතාගේ පත්කිරීමට විරෝධය දක්වමින් සිවිල් සංවිධාන සහ ජනතා නියෝජිතයන් රැසක් අදහස් දක්වා ඇති අතර එහෙත් එම පත්කිරීම මේ වන විට සිදුව ඇත.

Related posts

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 100 ක් වෙයි

Shiran Viraj

මංතීරු නීතියේ තවත් ක‍්‍රමවේදයක් අද සිට අත්හදා බලයි

Shiran Viraj

වෛද්‍යවරුන්ගේ පවුල්පිටින් එන්නත්කරණයේ.. ප‍්‍රමුඛතා ලයිස්තු කැලේ.. සෙසු සියළු සෞඛ්‍ය වෘත්තිකයන් වර්ජනයක් අරඹයි…..

Shiran Viraj
Translate »