mediahumanrights.lk
Local NewsNews

කොරෝනා මඩින්න ශ‍්‍රී ලංකා තේ ලොව පුරා..

කොවිඩ් – 19 වෛරසය වැළැක්වීමේ සුවතා පානයක් ලෙස ශ්‍රී ලංකාවේ ‘කළු තේ’ සිලෝන් ටී නාමය යටතේ ගෝලීයව ප්‍රවර්ධනය කිරීමේ සැලසුමක් ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සකස් කර ඇත.

වෛරසය හේතුවෙන් අර්බුදයට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අවශ්‍ය අතිරේක විදේශ විනිමය ගෙන ඒමේ සැලසුමක් ලෙස මෙම උපාය මාර්ගය යෝජනා වී තිබේ.

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ පවසන්නේ කළු තේවල අඩංගු ප්‍රතිඔක්සිකාරක පොලිෆෙනෝල් නම් රසායනිකය ඔස්සේ මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩදියුණු කෙරෙන බව විද්‍යාත්මකව ඔප්පු කර ඇති බවත් එය කොවිඩ් – 19 වෛරසයට එරෙහිව උපයෝගි කර ගත හැකි බවත්ය.

ඒ අනුව ඉහළ මට්ටමේ කොන්දේසිවලට යටත්ව රසායනික පළිබෝධනාශක අත්‍යවශ්‍ය ලෙස භාවිත නොකරමින් නිපදවන ශ්‍රී ලංකාවේ කළු තේ මේ මොහොතේ ගෝලීය සුවතා පානයක් ලෙස ප්‍රවර්ධනය කිරීම කාලෝචිත බවද සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝනා

Shiran Viraj

Online ඉගැන්වීම අමානුෂික ජාවාරමක් වෙයි..

Shiran Viraj

අඩු පීඩනය නිසා වැස්ස වැඩි වෙයි

Shiran Viraj
Translate »