mediahumanrights.lk
Local News News

උතුරට තවදුරටත් වැසි

කිලිනොච්චිය ඇතුළු උතුරේ ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි ඇද හැළෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගත වූ පැය 24 තුල ත්‍රිකුණාමලය ප්‍රදේශයට මිලිමීටර් 42. 9ක වර්ෂාපතනයක් ලැබි ඇති බවයි.

වව්නියාව ප්‍රදේශයට මිලිමිටර් 16. 2ක් ද මඩකළපුවට මිලිමීටර් 7.2ක ද වර්ෂාපතනයක් ලැබී තිබේ.

මේ අතර උතුරු පළාතට ඇද හැළෙන අධික වර්ෂාව හමුවේ ඇති වූ ගංවතුර හේතුවෙන් දිස්ත්‍රික්ක 5කට අයත් පුද්ගලයින් 54,819ක් පිඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, මේ වන විට සහන කඳවුරු 38ක පුද්ගලයින් 11,299ක් රඳවා ඇති බවයි.

මේ අතර ගතවු පැය 24 තුළ කොළඔට මිලිමිටර් 33.7ක් ද, රත්නපුරට මිලිමීටර් 16ක්ද වර්ෂාපතනයක් ලැබී තිබේ.
(under the courtesy of newsfirst.lk web)

Related posts

ඩීසල්-පෙට‍්‍රල් ඇත්තේ දින තුන හතරකටයි.. ඩිසල් නැවක් ඩොලර් නැතිව හරවාගෙන ගියා..- දයාසිරි ආන්දෝලනාත්මක හෙලිදරවුවක..

Shiran Viraj

දුම්රිය වැඩවර්ජනය සම්බන්ධ තීරණාත්මක සාකච්ඡාවක් අද

Shiran Viraj

හොද අයවැයක් කියන්නේ කුමක්දැයි අද පෙන්වනවා.. අඬෙන්නම පඩි වැඩි කරනවා..

Shiran Viraj