2026-07-03
mediahumanrights.lk
Local NewsNews

උතුරට තවදුරටත් වැසි

කිලිනොච්චිය ඇතුළු උතුරේ ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි ඇද හැළෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගත වූ පැය 24 තුල ත්‍රිකුණාමලය ප්‍රදේශයට මිලිමීටර් 42. 9ක වර්ෂාපතනයක් ලැබි ඇති බවයි.

වව්නියාව ප්‍රදේශයට මිලිමිටර් 16. 2ක් ද මඩකළපුවට මිලිමීටර් 7.2ක ද වර්ෂාපතනයක් ලැබී තිබේ.

මේ අතර උතුරු පළාතට ඇද හැළෙන අධික වර්ෂාව හමුවේ ඇති වූ ගංවතුර හේතුවෙන් දිස්ත්‍රික්ක 5කට අයත් පුද්ගලයින් 54,819ක් පිඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, මේ වන විට සහන කඳවුරු 38ක පුද්ගලයින් 11,299ක් රඳවා ඇති බවයි.

මේ අතර ගතවු පැය 24 තුළ කොළඔට මිලිමිටර් 33.7ක් ද, රත්නපුරට මිලිමීටර් 16ක්ද වර්ෂාපතනයක් ලැබී තිබේ.
(under the courtesy of newsfirst.lk web)

Related posts

ප‍්‍රදේශ රැසක ඩෙංගු සහ මී උණ රෝග ව්‍යාප්තවීමේ වැඩි අවදානමක්

Shiran Viraj

මැතිවරණය කොටස් වශයෙන් පවත්වා සියළු ගැටළු නිරාකරණය කළ හැකි මාර්ගය මෙන්න

Shiran Viraj

අර්ජුන් සමඟ දුරකථන සංවාද කළ කෝප් සාමාජිකයින් ඉවත් කරන්නැයි ඉල්ලීමක්

Shiran Viraj
Translate »